සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්තාන කණ්ඩායම අතර පැවැත්වෙන පළමු එක්දින තරගයේදී පාකිස්තාන කණ්ඩායම සමගින් රැදී සිටීමට අවස්ථාවක් හිමි නොවන බව පන්දු යැවීමේ පුහුණුකරු වකාර් යුනිස් ප්‍රකාශ කර තිබේ. ඒ ඔහුගේ දියණියගේ උපාධි ප්රදානෝත්සවය වෙනුවෙන් මේ මස 27 වැනිදා ඕස්ට්‍රේලියාව බලා පිටත්ව යාමට සිදුව ඇති බැවිනි.
දියණියගේ උපාධි ප්‍රදානෝත්සවයෙන් පසු යළිත් වකාර් යුනිස් පාකිස්තාන කණ්ඩායම සමගින් එක්වීමට නියමිත බව ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කරයි.
දෙරට අතර පළමු එක්දින තරගය මේ මස 27 වැනිදා කරච්චි නුවරදී ආරම්භ වීමට නියමිතය.
Be the first to comment