ඉන්දුනීසියාවේ නිමාවට පත් වූ ආසියානු මේස පන්දු ශූරතාවලියේදී 15 වැනි ස්ථානය දිනාගත් ශ්‍රී ලංකා කාන්තා මේස පන්දු කණ්ඩායම ලබන වසරේ කොරියාවේ පැවැත්වීමට නියමිත ලෝක මේස පන්දු ශූරතාවලිය සඳහා සුදුසුකම් ලබා ගත්තේය.
මෙවර තරගාවලිය සඳහා ඉදිරිපත් වූ ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායමට තරගාවලියේ 23 වැනි ස්ථානය හිමි වූ අතර, ඒ අනුව ඔවුන්ට ලබන වසරේ පැවැත්වෙන ලෝක මේස පන්දු ශූරතාවලිය සඳහා සුදුසුකම් ලබාගැනීමට අවස්ථාවක් හිමි නොවීය.
මෙවර තරගාවලියේදී දක්ෂතා දැක්වූ ඉෂාරා මදුරංගි, ජිතර වර්ණකුලසූරිය සහ චමීර ගිනිගේ යන ක්‍රීඩකයන් ශ්‍රේණිගත කිරීම්හි ඉදිරියට පැමිණිමට සමත් වූහ.
Be the first to comment