ශ්‍රී ලංකා යුද හමුදාවේ විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුවත්, ශ්‍රී ලංකා යතුරු පැදිකරුවන්ගේ සංගමයත් එක්ව සංවිධානය කළ “ වලව සුපර් ක්‍රොස් මෝටර් රථ සහ යතුරු පැදි තරගාවලියේ දක්ෂතමා රියදුරා බවට පත් වීමට උෂාන් පෙරේරා සමත් විය. මෙවර තරගාවලිය සෙවනගලදී පැවැත්විණ.
අශාන් සිල්වා, කපිල නිශාන් සමගින් පැවති තියුණු සටනකින් පසුව උෂාන් පෙරේරා මෙවර ශූරතාව දිනා ගැනීමට සමත් විය. පළමු අදියරේදී අශාන් සිල්වාට සහ කපිල නිශාන්තට පසුව තරගය නිමා කිරීමට උෂාන් පෙරේරාට හැකියාව ලැබිණ. නමුත් දෙවැනි අදියරේදී අශාන් සිල්වාගේ මොටර් රථයේ ඉදිරි පස ටයරය ගැලවී යාම හේතුවෙන් අවාසනාවන්ත සිද්දීයකට මුහුණ පෑමට ඔහුට සිදු වූයේ මෙවර තරගාවලියේ ශූරතාව පිළිබඳවද සිහිනය ඔහුගෙන් ඉවත් කරමිනි. ඒ අනුව දෙවැනි අදියර ද දක්ෂ අයුරින් ජයගත් උෂාන් පෙරේරා මෙවර එස්.එල්.ජී.ටී. කාණ්ඩයේ (සි.ධා. 3500 දක්වා) ශූරතාව දිනා ගැනීමට සමත් විය.
Be the first to comment