පාකිස්තානයේ ආරක්ෂාව ගැන සැකයක් තියා ගන්න එපා – ප්‍රධාන විධායක නිලධාරී වසීම් ඛාන්

ශ්‍රී ලංකා කණ්ඩායමේ පාකිස්තානයට පැමිණිමත් සමග, පාකිස්තාන ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී වසීම් ඛාන් කියා සිටියේ, මේ වන විට පාකිස්තානයේ ආරක්ෂක තත්ත්වය යහපත් අතට හැරී ඇති බවත්,මින් ඉදිරියට පාකිස්තානයට අදාල තරග තමන්ගේ නිජ බිමේදීම පැවැත්වීමට හැකි බවත්ය.

ඒ අනුව දීර්ඝ කාලයක් විශාල මුදලක් යට කරමින් එක්සත් අරාබි එමීර් රාජ්‍යෙය් ක්‍රීඩාංගණ භාවිතා කරමින් තරග පැවැත්වූ බවත්ය. ඒ අනුව ඉදිරියේදී  සියලුම තරග පාකිස්තානයේ පැවැත්වීමට සංවිධානය කරන බවයි.

එහිදී ඔහු වැඩිදුරටත් කියා ඇත්තේ, සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායමට අමතර මුදලක් ගෙවීමට පාකිස්තාන ක්‍රිකට් ආයතනය එකග වී නොමැති බවය. ඒ අනුව තරගාවලිය ආරම්භයට පෙරම ක්‍රීඩකයන් 10 දෙනෙකු පාකිස්තාන සංචාරයෙන් ඉවත් වුවද, මෙම සංචාරය සාර්ථක කර ගැනීම සඳහා පැමිණි ශ්‍රී ලංකා කණ්ඩායමට ස්තූති කිරීමට ද ඔහු අමතක නොකලේය.

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්තාන කණ්ඩාම අතර පැවැත්වෙන එක්දින තරගාවලිය මේ මස 27 වැනිදා පාකිස්තානයේ කරච්චි නුවරදී ආරම්භ වීමට නියමිතයි. ඒ සඳහා සහභාගීවන ශ්‍රී ලංකා කණ්ඩායම දැඩි ආරක්ෂාව මධ්‍යයේ ඊයේ ( 24 ) පාකිස්තානය වෙත පැමිණියහ.

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.