වෘත්තීය මළල ක්රීඩිකාවක් මෙන්ම මේ වනවිට ඇමරිකාවේ පදිංචිව සිටින හිරුණි විජේරත්න මෙවර දෝහා කටාර්හී පැවැත්වෙන ලෝක මළල ක්රීඩා ශූරතාවලියේදී ශ්රි ලංකාව වෙනුවෙන් සහභාගී වන එකම ක්රීඩිකාව වේ. ඇය සහභාගී වන කාන්තා මැරතන් තරගය සෙනසුරාදා අළුයම 2.29 ට (ශ්රී ලංකා වේලාවෙන්) ආරම්භ වීමට නියමිත අතර එය ලෝක ශූරතා තරගාවලියේ පළමු දිනයේ අවසන් තරඟය වේ.
ඩුසල්ඩෝෆ් මැරතන් ධාවන තරගයේදී විනාඩි 2: 34.10 කින් තරගය අවසන් කරමින් එහි රිදී පදක්කමක් දිනාගත් හිරුනි සිය ජාතික වාර්තාව අලුත් කර දකුණු ආසියානු නව වාර්තාවක් තැබීමෙන් අනතුරුව මෙම තරගාවලියට සුදුසුකම් ලැබුවාය.
Be the first to comment