කුමාර් සංගක්කාර මාලිබෝන් ක්‍රීඩා සමාජයේ සභාපතිවරයා ලෙස වැඩ භාර ගනියි

ක්‍රිකට් ක්‍රීඩාමේ හිනි පෙත්තටම  ගමන් කරමින් මේ වනවිට ක්‍රිකට් ක්‍රීඩාවේ පුරාවෘත්තියක් බවට පත්ව සිටින ශ්‍රී ලංකා හිටපු නායකයෙකු වන කුමාර් සංගක්කාර මාලිබෝන් ක්‍රීඩා සමාජයේ සභාපතිවරයා ලෙස අද ( 01 )  නිල වශයෙන් වැඩ භාර ගැනීම සිදුවිය.

මේ වසරේ මැයි මාසයේදී ලෝඩ්ස් හි පැවති මාලිබෝන් ක්‍රීඩා සමාජයේ වාර්ෂික මහා සභා රැස්වීමේදී කුමාර් සංගක්කාරගේ නම  යෝජනා කරමින් හිටපු සභාපති ඇන්තනි ව්‍රෙෆර්බ්  සිය ධූරයෙන් නික්ම ගියේය.

මාලිබෝන් ක්‍රීඩා සමාජයේ සභාපති ධූරය භාර ගැනීමත් සමග, ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් කුමාර් සංගක්කාර කියා සිටියේ,

“මාලිබෝන් ක්‍රීඩා සමාජයේ සභාපති ධුරය දැරීමට ලැබීම ගැන මම ඉමහත් සතුටට පත්වන අතර,  ක්‍රිකට් ක්‍රීඩාව ගොඩනැගීම සඳහා මාලිබෝන් ක්‍රීඩා සමාජය සමඟ වෙහෙස මහන්සි වී වැඩ කිරීමට  බලාපොරොත්තු වන බවයි.

“ඉදිරි මාස දොළහ තුළ මාලිබෝන් ක්‍රීඩා සමාජයේ සභාපති ධුරය භාර ගැනීමට කුමාර් සංගක්කාරට වඩා හොඳ පුද්ගලයෙක් නොමැති බව හිටපු සභාපති ඇන්තනි ව්‍රෙෆර්ඩ් මේ අවස්ථාවට එක් වෙමින් කියා සිටියේය.

මෙහි විශේෂත්වය වන්නේ බ්‍රිතාන්‍ය ජාතිකයෙකු නොවන පුද්ගලයෙකු මාලිබෝන් ක්‍රීඩා සමාජයේ සභාපති තනතුරට පත් වූ පළමු අවස්ථාව වීමය. ඔහු වසරක කාලයක් සිය ධූරයේ  වැඩ බලනු ඇති.

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.