ලෝක කුසලාන රග්බි තරගාවලියේ කැනඩාවට එරෙහිව පැවති ‘ බී ‘ කාණ්ඩයේ තරගයෙන් ලකුණු 63 -0 ක ජයක් ලැබීමට නවසීලන්ත කණ්ඩායම අද ( 02 ) සමත් විය.
පළමු අර්ධය ලකුණු 28 -0 කින් පෙරමුණගත් නවසීලන්ත කණ්ඩායම දෙවැනි අර්ධයේදී ද තවත් ලකුණු 16 ක් රැස් කරමින් කැනඩාවට දෙවැනි පරාජයද උරුම කර දුන්නේය.
උත්සාහක දිනුම් 9ක් සමගින් ලකුණු ඇරඹූ නවසීලන්තය වෙනුවෙන්, ජෝර්ඩී බැරට්, සොනී බිල් විලියම්සන්, බවුදීන් බැරට්, රිකෝ ලෝන්, ස්කොට් බැරට්, ෂැනෝන් ෆ්රිසෙල් සහ බ්රැඩ් වෙබර් උත්සාහ දිනුම් වාර්තා කිරීමට වාර්තා කිරීමට සමත් විය.
මෙම ජයග්රහණයත් සමගින් නවසීලන්තයට ප්රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානය හිමිව ඇති අතර, ඉතාලිය තවමත් පෙරමුණේ පසුවෙයි.
Be the first to comment