ශ්‍රී ලංකාව එක්දින තරගාවලිය සම කිරීමට මාන බලයි

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්තාන කණ්ඩායම අතර පැවැත්වෙන තෙවැනි සහ අවසන් එක්දින තරගය අද ( 02 ) කරච්චි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ප.ව 3.30ට ආරම්භ වීමට නියමිතය.

මේ වනවිට තරග 1 – 0 ක් ලෙස ජයගෙන සිටින සත්කාරක පාකිස්තාන කණ්ඩායම තරගාවලිය ජය ගැනීමට මාන බලද්දී, ශ්‍රී ලංකාව අද තරගය ජය ගනිමින් කෙසේ හෝ තරගාවලිය සම කිරීමේ බලාපොරොත්තුවෙන් යුතුව පිටියට පිවිසීමට නියමිතය.

පළමු එක්දින තරගය වර්ෂාව හේතුවෙන් අතහැර දැමීමට සිදු වූ අතර දෙවැනි එක්දින තරගයේදී ශ්‍රී ලංකාවට ලකුණු 67ක පරාජයක් වැළඳ ගැනීමට සිදු විය.

බොහෝ විට අද තරගයේදී ළහිරු කුමාර වෙනුවට කසුන් රාජිත ශ්‍රී ලංකා කණ්ඩායමට එක් වීමට අවස්ථාවක් ඇති බවත්, ආබාධයට ලක්ව සිටින ඉමාම් උල් හක් වෙනුවට අබිඩ් අලී පාකිස්තාන කණ්ඩායමට එක්වනු ඇති බව ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කරයි.

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.