පාකිස්තානය තරග 2 – 0 කින් එක්දින තරගාවලිය ජය ගනියි

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව කරච්චි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවති තෙවැනි සහ අවසන් එක්දන තරගය කඩුලු 5කින් ජයගත් පාකිස්තාන කණ්ඩායම තරග 3කින් සමන්විත එක්දින තරගාවලිය තරග 2 -0 කින් ජය ගැනීමට සමත් විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 298ක ඉලක්කය හඹාගිය පාකිස්තාන කණ්ඩායම පන්දුවාර් 48.2කදී කඩුලු 5ක් පමණක් දැවී සිය ඉලක්කය පසුකර ගියේය.

පාකිස්තානය වෙනුවෙන් වෙනුවෙන් අබිඩ් අලී (74) සහ ෆකාර් සමාන් (76 ) රැස් කරමින් පාකිස්තානය ජයග්‍රහණය වෙත රැගෙන ගියහ.

කාසියේ වාසිය ජයග්‍රහණය කරමින් පළමුවෙන් පන්දුවට පහඑදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමත පන්දුවාර 50 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 297 ක් රැස් කිරීමට සමත් විය.

විශිෂ්ඨ ඉනිමක් ක්‍රීඩාකළ ධනුෂ්ක ගුණතිලක, තම එක්දින දිවියෙ දෙවැනි ශතකය වාර්තා කරමින් ලකුණු 133ක් රැස් කිරීමට සමත් විය.


ශ්‍රී ලංකාවෙන් පාකිස්තානයට ලකුණු 298 ක ඉලක්කයක්

ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලගේ විශිෂ්ඨ ශතකයත් ( 133 ) දසුන් ශානකගේ වේගවත් ඉනිමත් ( 43 ) හේතුවෙන් පාකිස්තානයට එරෙහිව කරච්චි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී පැවති තරගයෙන් කඩුලු 9ක් දැවි ලකුණු 297 රැස් කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද ( 02 ) සමත් විය.

කාසියේ වාසිය ජයග්‍රහණය කරමින් පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ධනුෂ්ක ගුණතිලක සහ අවිශ්ක ප්‍රනාන්දුට සාර්ථක සබඳතාවයක් ගොඩ නැගීමට අවස්ථාව ලබා නොදුන් මොහොමඩ් අමීර් ලකුණු 3ක් ලබා සිටි අවිශ්ක ප්‍රනාන්දු පිටියෙන් ඉවත් කිරීමට සමත් විය.

අවිශ්කගේ දැවී යාමෙන් පසු දෙවැනි කඩුල්ල සඳහා එක් වූ නායක ලහිරු තිරිමාන්න සහ ධනුෂ්ක ගුණතිලක ලකුණු 88ක සාර්ථක සබඳතාවයක් ගොඩ නගමින් ශ්‍රී ලංකා කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබා දීමට කටයුතු කළහ. දෙවැනි එක්දින තරගයේදී ලකුණු නොලබාම පිටියෙන් ඉවත් වූ නායක තිරිමාන්න අද දිනයේදී හතරේ පහර 4ක් සමගින් ලකුණු 36ක් රැස් කිරිමට සමත් විය.

කලකට පසු කණ්ඩායමේ ස්ථානය හිමි වූ ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලක තම එක්දින ක්‍රිකට් පිටියේ දෙවැනි ශතකය වාර්තා කරමින් පන්දු 134කදී හයේ පහරක් සහ හතරේ පහර 16ක් සමගින් ලකුණු 133 ක් රැස් කිරීමට සමත් වූයේ පාකිස්තානය වෙත අභියෝගාත්මක ලකුණු පුවරුවක් ගොඩ නගමිනි.

තම මංගල එක්දින තරගයට ක්‍රීඩාකළ විනෝද් භානුක, පන්දු 39කදී හයේ පහර 2ක් සමගින් ලකුණු 36ක් රැස් කිරීමට සමත් විය. තම අවසන් පන්දුවාර කිහිපය තුළදී, පිටියේ එක් වූ දසුන් ශානක සහ වනිදු හසරංග 7 වැනි කඩුල්ල සඳහා ලකුණු 41ක සබඳතාවයක් ගොඩ නගමින් ශ්‍රී ලංකා පුවරුව ඉහළට ඔසවා තැබූහ.

එහිදී වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ දසුන් ශානක පන්දු 24 කදී හයේ පහර -2 ක් සහ හතරේ පහර 5 ක් සමගින් ලකුණු 43ක් රැස් කිරීමට සමත් විය.

පන්දු යැවීමේදී මොහොමඩ් අමීර් ලකුණු 50කට කඩුලු 3ක් බිද හෙලීය.


සත්කාරක පාකිස්තාන කණ්ඩායමට එරෙහිව කරච්චි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තෙවැනි සහ අවසන් එක්දින තරගයේ කාසිය වාසිය දිනූ ශ්‍රී ලංකා නායක ළහිරු තිරිමාන්න පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේය.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනස්කම් දෙකක් සමගින් අද තරගයට අවතීර්ණ වේ. ඒ අනුව ඕෂධ ප්‍රනාන්දුට සහ සධීර සමරවික්‍රමට කණ්ඩායමේ ස්ථානය අහිමිව ඇති අතර ඒ වෙනුවට ඇන්ජලෝ පෙරේරා සහ මිනෝද් භානුක කණ්ඩායමට කැදවා තිබේ.

ඒ අනුව මිනෝද් භානුක පාකිස්තානයට එරෙහිව මංගල එක්දින වරම් දිනා ගැනීමට සමත් විය.

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.