ක්‍රීඩකයෙකුගෙන් රට වෙනුවෙන් යමක් බලාපොරොත්තු වෙනවනම්, ඒ සඳහා ඔවුන්ට තාක්ෂණික සහය අනිවාර්යයෙන් ලබාදිය යුතු බව විදුලි සංදේශ, විදුලි රැකියා හා ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු අද ( 04 ) ක්‍රීඩා වෛද්‍ය ආයතන භූමියේ ඉදිකොට ඇති නව තෙමහල් ගොඩනැගිල්ල විවෘත කරිමේ උත්සවයට සහභාගී වෙමින් කියා සිටියේය.
“ ක්‍රීඩා සංගම් කවදාවත් කතා කරන්නේ නැහැ ක්‍රීඩකයෙක් කොහොමද ඉස්සරහට ගන්නේ කියලා. ඒයාලා සේරම මම ගාවට එන්නේ සංගම්වල ප්‍රශ්න ටික අරගෙන විතරයි. මේ නිසා ක්‍රීඩා අමාත්‍යංශයේ වැඩි කාලයක් ගත වෙන්නේ මේ දේවල් නිසා. ඒ නිසා ක්‍රීඩකයන්ගෙන් රටට යමක් බලාපොරොත්තු වෙන්න ඕනේ අපි ඔවුන්ට ඒ පහසුකම් ටික දීලා. ඒ නිසා අපි මොන පෝෂණ දීමනා දුන්නත් වැඩක් නැහැ. ක්‍රීඩකයට හරි දැක්ම, ක්‍රීඩ කළ යුතු විලාශය ඒ වගේම ඒ තාක්ෂණික සහය මෙන්ම ඒ පුහුණුව ලබාදෙන්නේ නැතුව. “
“ අද තාක්ෂණය ගොඩක් දියුණුයි. සමහර රටවල ක්‍රීඩකයෝ ක්‍රීඩාකරන කොට තමන්ගේ ඇදුමෙහි චිප් එකක් තියෙනවා. මේ හරහා පුළුවන් ක්‍රීඩකයෙකුගේ සියලු දත්ත ලබා ගන්න. ඒ හරහා පුළුවන් ක්‍රිඩකයෙකු තව කොපමණ දියුණු විය යුතුද තමන්ගේ ඉදිරි දැක්ම කොහොමද කියලා අදුර ගන්න. ඉතින් අපි දැන් උත්සාහ කරමින් ඉන්නේ ලංකාවේ සියලුම සංචිත වල ක්‍රිඩකයන්ට මෙම තාක්ෂණය හදුන්වල දෙන්න යැයි ක්‍රීඩා අමාත්‍යවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියේය.
මෙම අවස්ථාව සඳහා විදුලි සංදේශ, විදේශ රැකියා සහ ක්‍රිඩා අමාත්‍යංශයේ ලේකම් චූලානන්ද පෙරේරා මහතා, ක්‍රීඩා සංවර්ධන දෙපාර්තුමේන්තුවේ අධ්‍යක්ෂක ජනරාල් ධම්මික මුතුගල මහතා ඇතුළු විශාල පිරිසක් සහභාගී වී සිටියහ.
Be the first to comment