
සංචාරක බංග්ලාදේශ ඒ කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන දෙවැනි නිල නොවන සිව්දින ටෙස්ට් තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටින ශ්‍රී ලංකා ඒ කණ්ඩායම පළමු දිනය වන අද ( 04 ) දිනට තරගය නතර කරන විට කඩුලු 5ක් දැවී ලකුණු 223ක් ලබා සිටියේය.
ආරම්භක පිතිකරු ලෙස පිටියට පිවිසි පැතුම් නිස්සංක ( 85 ) සහ පළමු ටෙස්ට් තරගයේදී විශිෂ්ට ඉනිමක් ක්‍රීඩාකළ කමිදු මෙන්ඩිස් මෙම තරගයේදී ද අර්ධ ශතකයක් (62 ) රැස් කරමින් ශ්‍රී ලංකා ලකුණු පුවරුව ශක්තිමත් කළහ.
පන්දුවට පහර දෙමින් සිටින චරිත් අසලංක නොදැවී ලකුණු 17ක් සහ ළහිරු උදාර නොදැවී ලකුණු 2ක් බැගින් රැස් කරමින් කඩුල්ලේ රැදී සිටියහ.
පන්දු යැවීමේදී මෙහෙදි හසන් මිරාස් ලකුණු 66කට කඩුලු 3ක් සහ එබඩට් හොසේන් ලකුණු 51කට කඩුලු 2 බැගින් බිද හෙලූහ.
හෙට ( 05 ) තරගයේ දෙවැනි දිනයයි.
ශ්‍රී ලංකා ඒ පළමු ඉනිම – පන්දුවාර 74කදී කඩුලු 5කට ලකුණු 223
( පැතුම් නිස්සක 85, කමිදු මෙන්ඩිස් 62, අශාන් ප්රියංජන් 28, චරිත් අසලංක නොදැවී 17, ළහිරු උදාර නොදැවී 2, මෙහිදි මසන් 66/3, එබඩට් හොසේන් 51/2 )
Be the first to comment