15න් පහළ පාසල් ක්‍රිකට් – හිරුක,සිතින සහ මලින්තගෙන් විශිෂ්ඨ පන්දු යැවිමක්

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සහ සිංගර් ආයතනය එක්ව සංවිධානය කරන වයස අවුරුදු 15න් පහළ තෙවැනි කොටසේ ක්‍රිකට් තරගාවලියේදී බත්තරමුල්ල ශ්‍රී සුභූති ජාතික පාසලට එරෙහිව පැවති තරගයේදී නුගේගොඩ රාජකීය ජාත්‍යන්තර පාසලේ හිරුක මුණසිංහ පළමු ඉනිමේදී ලකුණු 28කට කඩුලු 5ක් සහ දෙවැනි ඉනිමේදී ලකුණු 33කට කඩුලු 5 බැගින් බිද හෙලමින් ඉනිම් දෙකේදී ලකුණු 61කට කඩුලු 10ක් බිද හෙලමින් විශිෂ්ඨ දක්ෂතා දැක්වීමට ඊයේ ( 04 ) සමත් විය.

කොළඹ රාජකීය විද්‍යාලය සහ රාවතවත්ත මෙතොඩිස් විද්‍යාලය අතර පැවති තරගය සම වුවද පළමු ඉනිමේ ජයග්‍රහණ වාර්තා කළ රාවතවත්ත මෙතෝඩිස් විද්‍යාලය දෙවැනි වටය සඳහා සුදුසුකම් ලබා ගත්තේය. එහිදී විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වූ මෙතෝඩිස් විද්‍යාලයේ සිතින ප්‍රනාන්දු ලකුණු 21කට කඩුලු 5ක් බිද හෙලීය.

උඩුගම්පොළ සෙනරත් රණවිතාන ජාතික පාසලට එරෙහිව පළමු ඉනිමේ ජයක් ලැබූ කොළඹ නාලන්ද විද්‍යාලයේ මලින්ත ප්‍රභාෂන විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වෙමින් ලකුණු 25කට කඩුලු 6ක් බිද හෙලීය.

ඒ අනුව ඊයේ පැවති  සෙසු තරග වලදී  ජයග්‍රහණ වාර්තා කළ කොළඹ ශාන්ත පීතර විද්‍යාලය සහ රන්ගිරි දඹුලු ජාතික පාසල දෙවැනි වටය සඳහා  සුදුසුකම් ලබා ගත්තේය.

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.