සංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායමට එරෙහිව පැවැති පළමු ටෙස්ට් තරගයෙන් ලකුණු 203ක පහසු ජයක් ලැබීමට ඉන්දිය කණ්ඩායම ඊයේ ( 06) සමත් විය. ඒ අනුව ලෝක ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය යටතේ තමන් මෙතෙක් සහභාගිවූ ටෙස්ට් තරග තුනෙන්ම ජය ලබා ඇති ඉන්දියාව ප්‍රසාද ලකුණු 160ක් හිමිකරගෙන සිටියි.
කාසියේ වාසිය ජයග්‍රහණය කරමින් පළමුවෙන් පන්දුවටපහරදුන් ඉන්දීය කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා කඩුලු 7කට ලකුණු 502ක් ලබා සිටියදී සිය ඉනිම අත්හිටුවමින් පන්දුවට පහර දීමට පාකිස්තානයට ආරාධනා කළේය.
ඉන්දියාව වෙනුවෙන් රොහිත් ශර්මා සහ මයන්ක් අගර්වල් ආරම්භක කඩුල්ල සඳහා ලකුණු 317ක විශීෂ්ඨ සබඳතාවයක් ගොඩ නගමින් ඉන්දීය ඉනිමට සාර්ථක ආරම්භයක් ලබා දුන්හ. එහිදී තම මංගල ද්විත්ව ශතකය වාර්තා කළ මයන්ක් අගර්වල් පන්දු 371කදී හයේ පහර 6ක් සහ හතරේ පහර 23ක් සමගින් ලකුණු 215ක් රැස් කිරීමට සමත් විය. ඔහුට අනගි සහයක් ලබාදුන් රොහිත් ශර්මා පන්දු 244කදී හයේ පහර 6ක් සහ හතරේ පහර 23ක් සමගින් ලකුණු 176ක් රැස් කිරීමට සමත් විය.
පිළිතුරු ඉනිම ඇරඹූ දකුණු අපිකානුවන්ට සිය පළමු ඉනිම සඳහා සියලු දෙනා දැවී රැස්කර ගතහැකි වූයේ ලකුණු 431ක් පමණි.
එහිදී ඩීන් එල්ගර් ( 160 ) සහ ක්වින්ටන් ඩි කොක් ( 111 ) බැගින් රැස් කරමින් දකුණු අප්‍රිකානු ඉනිම ශක්තිමත් කළහ.
විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වූ රවිචන්ද්‍රන් අශ්වින් ලැබූ අවස්ථාවෙන් උපරිම ප්‍රෙයා්ජන ගබා ගනිමින් සිය පළමු ඉනිමේදී ලකුණු 145කට කඩුලු 7ක් බිද හෙලීය.
ලකුණු 71ක් ඉදිරියෙන් සිට යළිත් දෙවැනි ඉනිම ඇරඹූ ඉන්දීය කණ්ඩායම කඩුලු 4කට ලකුණු 323ක් ලබා සිටියදී ඉනිම අත්හඅටුවමින් දකුණු අප්‍රිකාව ලකුණු 394ක ඉලක්කයක් ලබා දුන්නේය.
එයා හඹා යාමට පිටියට පිවිසි දකුණු අප්‍රිකානු ක්‍රීඩකයන්ට සිය දෙවැනි ඉනිමේදී සියලු දෙනා දැවී රැස්කර ගතහැකි වූයේ ලකුණු 191ක් පමණි. එහිදී විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වූ මොහොමඩ් ශමී ලකුණු 35කට කඩුලු 5ක් සහ රවින්ද්‍ර ජඩේජා ලකුණු 87ට කඩුලු 4 බැගින් බිද හෙලමින් ඉන්දීය කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගියහ
Be the first to comment