ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ දෙවැනි තරගයත් පරදිති

සංචාරක ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ ඕස්ට්‍රේලියානු කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර පැවති දෙවැනි එක්දින තරගයෙන් ලකුණු 110ක පරාජක් ලැබීමට ශ්‍රී ලංකා කාන්තාවන්ට අද ( 07 ) සිදුවිය. ඒ අනුව තරග 3කින් සමන්විත එක්දින තරගාවලිය තවත් තරගයක් ඉතිරිව තිබියදීම තරග 2-0 කින් ජය ගැනීමට ඕස්ට්‍රෙලියානු කණ්ඩායමට හැකි විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 283ක ඉලක්කය හඹාගිය ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 9ක් දැවී රැස්කර ගතහැකි වූයේ ලකුණු 172ක් පමනි.

ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණු ලාභිනිය බවට පත් වූ හර්ෂිතා මාධවි පන්දු 61කදී හතරේ පහර 4ක් සමගින් ලකුණු 39 ක් රැස් කිරීමට සමත් වූවාය.

පන්දු යැවීමේදී ජෙස් ජොනැසෙන් ලකුණු 31කට කඩුලු 4ක් සහ ජෝර්ජියා වැරේහැම් ලකුණු 29කට කඩුලු 2 බැගින් බිද හෙලූහ.

කාසියේ වාසිය ජයග්‍රහණය කරමින් පළමුවෙන් පන්දුවට පහරදුන් ඕස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 8කට ලකුණු 282ක් රැස් කිරීමට සමත් විය.

තම එක්දින ක්‍රිකට් පිටියේ මංගල ශතකය වාර්තා කළ රැචීල් හේන්ස් පන්දු 132කදී හතරේ පහර 8ක් සමගින් ලකුණු 118ක් රැස් කිරීමට සමත් වූවාය. ඇයට අනගි සහයක් ලබාදුන් ඇලීසියා හීලි පන්දු 62කදී හයේ පහරක් සහ හතරේ පහර 10ක් සමගින් ලකුණු 69ක් රැස් කිරීමට සමත් වූයේ ඕස්ට්‍රෙල්යානු ලකුණු පුවරුව ඉහළට ඔසවා තබමිනි.

පන්දු යැවීමේදී අචිනි කලුසූරිය ලකුණු 50කට කඩුලු 3ක් බිද හෙලද්දී, සුගන්ධිකා කුමාරි සහ සශිකලා සිරිවර්ධන අතරේ කඩුලු 2 බැගින් බෙදී ගියහ.

 

 

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.