ලෝක කුසලාන රග්බි – දකුණු අප්‍රිකාව සුපිරි 8 දෙනාගේ වටයට පිවිසෙද්දී, කැනඩාව තරගාවලියෙන් ඉවතට

ලෝක කුසලාන රග්බි තරගාවලියේ  ‘ බී ‘ කාණ්ඩයේ තරගයක් ලෙස පැවති  කැනඩාව සහ දකුණු අප්‍රිකාව අතර තරගයෙන් ලකුණු 66- 7 ක විශිෂ්ඨ ජයක් ලැබූ දකුණු අප්‍රිකානු කණ්ඩායම මෙවර රග්බි ලෝක කුසලාන තරගාවලියේ සුපිරි කණ්ඩායම් 8 දෙනාගේ වටයට ( අර්ධ අවසන් පූර්ව වටයට ) සුදුසුකම් ලබා ගැනීමට අද ( 08 ) සමත් විය.

උත්සාහක දිනුම් 10 ක් සමගින් තරගය පහසුවෙන්ම ජයගත් දකුණු අප්‍රිකානු කණ්ඩායමෙන් කැනඩාවට කිසිදු සහනයක් හිමි නොවීය. පළමු අර්ධය අවසානයේදී උත්සාහක දිනුම් 7ක් සමගින් ලකුණු 47 -0 කින් පෙරමුණ ගැනීමට දකුණු අප්‍රිකාව සමත් වූයේ කැනඩාවට ජයග්‍රහණය පිළිබඳව සිහිනයකවත්  තබා ගැනීමට නොහැකිවූ ලකුණු පුවරුවක් ගොඩ නගමිනි. ලෝක කුසලාන රග්බි තරගාවලියක වේගවත්ම උත්සාහක දිනුම් ත්‍රිත්වයක් වාර්තා කිරීම මෙම තරගයේදී සිදු වූ අතර ඒ සඳහා ගත වූයේ තරගයේ මුල් මිනිත්තු 20 පමණි. දකුණු අප්‍රිකාවේ කෝබස් රිනැච් පිළිවෙලින් 9වැනි, 17 වැනි සහ 20 වැනි මිනිත්තු වලදී තම උත්සාහක දිනුම් ත්‍රිත්වය වාර්තා කරමින් මෙම වාර්තාව තමන් සතු කරගත්තේය.

ඒ අනුව දකුණු අප්‍රිකාව මෙතෙක් සහභාගී වූ තරග 4න් 3ක්ම ජය ගනිද්දී, කැනඩාව මෙතෙක් සහභාගී වූ තරග තුනම පරාජය වීම හේතුවෙන් ඔවුන්ට මෙවර ලෝක කුසන තරගාවලියේ පළමු වටයෙන්ම ඉවත් වීමට සිදුවිය. කැනඩාව සහභාගී වන අවසන් වන තරගය මේ මස 12 වැනිදා නැමීබියාවට එරෙහිව පැවැත්වීමට නියමිතයි.

 

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.