කණ්ඩායමට එන්න වසර 10ක් බලන් ඉන්න වුණා – භානුක රාජපක්ෂ

තවත් තරගයක් ඉතිරිව තිබියදීම සත්කාරක පාකිස්තාන කණ්ඩායම පරාජය කරමින්  විස්සයි 20 තරගාවලිය ජයග්‍රහණය කිරීමට හැකිවීම සමබන්ධයෙන් සතුටු වන බවත්, වසර 10කට පසු ජාත්‍යන්තර තලය නියෝජනය කිරීමට අවස්ථාව හිමිවීම සම්බන්ධයෙන් තමන් සතුටු වන බවත් භානුක රාජපක්ෂ ඊයේ ( 07 ) තරගයෙන් පසු පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් කියා සිටියේය.

“ ලොකු අත්දැකීමක් ලැබුණා අංක එකේ කන්ඩායම පරාජය කරන්න ලැබීම සම්බන්ධයෙන්. අපි කණ්ඩායමක් වශයෙන් සතුටු වනවා අපිට මේ දේ කරන්න පුළුවන් වීම ගැන. කණ්ඩායමට අලුතින් එකතුවනු ක්‍රීඩකයෙක් විදියට මම බලාපොරොත්තු තියන් තමයි ක්‍රීඩා කරන්න පටන් ගත්තේ. ගොඩාක් අය කිව්වේ දෙවැනි පෙළ කණ්ඩායමක් විදියටයි අපි මෙම තරගාවලියට එන්නේ කියලා. මම හිතනවා ඒ සේරටම අපි කණ්ඩායමක් විදියට උත්තර දීලා තියෙනවා කියලා. ඒ නිසා තමයි තරගයක් ඉතිරිව තිබියදීම තරගාවලිය ජය ගැනීමට හැකි වුණේ.

මම අවුරුදු 10ක් තිස්සේ බලන් හිටියා මේ අවස්ථාව ලැබෙනකම්. මට නොයෙකුත් අය එක එක දේවල් කිව්වා. ඒත් මම ඒ දේවල් ගණන් ගත්තේ නැහැ. මට අවස්ථාවක් ලැබෙනකම් මම බලන් හිටියා. ඒ ලැබුණු අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගත්ත කියලා මම හිතනවා. යැයි ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටිය්ය.

පාකිස්තාන කණ්ඩායමට එරෙහිව පැවති දෙවැනි විස්සයි 20 තරගයේදී සිය මංගල විස්සයි 20 අර්ධ ශතකය වාර්තා කල භානුක රාජපක්ෂ පන්දු 48කදී හයේ පහර 6ක් සහ හතරේ පහර 4ක් සමගින් වේගවත් ලකුණු 77ක් රැස් කිරීමට සමත් විය.

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.