ලෝක කුසලාන රග්බි – ආජන්ටිනාව සහ ඇමරිකාව ලෝක කුසලානයෙන් ඉවතට

ලෝක කුසලාන රග්බි තරගාවලියේ ‘ සී ‘ කාණ්ඩයේ තරගයක් ලෙස පැවති ආජන්ටිනාව සහ ඇමරිකා එක්සත් ජනපදය අතර තරගයෙන් ලකුණු 47 – 17 ක ජයක් ලැබීමට ආජන්ටිනා කණ්ඩායම අද ( 09 ) සමත් විය. ඒ අනුව ආජන්ටිනාව මෙම තරගය ජයග්‍රහණය කළද,  අවසන් සුපිරි 8 දෙනාගේ වටයට සේන්දු වීමට අවස්ථාවක් හිමි නොවූ අතර, ඇමරිකා එක්සත් ජනපදයටද තරගාවලියෙන් ඉවත් වීමට සිදුවිය.

පළමු අර්ධය ලකුණු 19 – 5 කින් පෙරමුණගත් ආජන්ටිනා කණ්ඩායම තරගයේ අවසානය තෙක් එකී රිද්මය පවත්වා ගනිමින් උත්සාහ දිනුම් 7ක් සමග තරගය ජයග්‍රහණය කළේය.

ලෝක රග්බි ශ්‍රේණිගත කිරීම් අනුව ආජන්ටිනාව 10 වැනි ස්ථානයේ පසුවන අතර ඇමරිකා එක්සත් ජනපදයට හිමිව ඇත්තේ එම සටහනේ 15වැනි ස්ථානනයි.

ආජන්ටිනාව සහභාගී වූ තරග 4න් 2ක් ජය ගැනිමට සමත් වූ අතර, එහිදී ටොන්ගා රාජ්‍ය ලකුණු 28 – 12කින් සහ ඇමරිකාව ලකුණු 47 – 17 කින් පරාජය කිරීමට සමත් විය.

ඇමරිකා එක්සත් ජනපදය මෙතෙක් සහබාගී වූ තරග 3 පරාජයට පත්ව ඇති අතර ඔවුන්ට සී කාණ්ඩයේ හිමිව ඇත්තේ අවසන් ස්ථානයයි.

ඒ අනුව එංගලන්තය සහ ප්‍රංශය පිලීවෙලින් ප්‍රසාද ලකුණු 15 ක් සහ 13 ක් ලබා මේ වනවිටත් සුපිරි 8 දෙනාගේ වටයට සුදුසුකම් ලබා තිබේ.

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.