චමරිගේ ශතකය අපතේ යයි – ඕස්ට්‍රේලියාවට කඩුලු 9ක ජයක්

සංචාරක  ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහ ඕස්ට්‍රේලියා කාන්තා කණ්ඩායම අතර පැවැති  තෙවැනි සහ අවසන් එක්දින තරගයෙන් කඩුලු 9ක විශිෂ්ඨ ජයක් ලැබූ ඕස්ට්‍රේලියා කාන්තා කණ්ඩායම තරග 3 – 0 කින් එක්දින තරගාවලිය ජය ගැනීමට අද ( 09 ) සමත් විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 196 ක ඉලක්කය හඹාගිය ඕස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායම පන්දුවාර 26.5කදී එක් කඩුල්ලක් පමණක් දැවී සිය ඉලක්කය පසුකර ගියේය.

චමරි අතපත්තුට නොදැවිනි ඉනිමක ක්‍රීඩාකළ ඇලිසියා හීලි පන්දු 76කදී හයේ පහර 2ක් සහ හතරේ පහර 15ක් සමගින් නොදැවී ලකුණු 112ක් රැස් කිරීමට සමත් වූවාය.  ඇයට අනගි සහයක් ලබාදුන් රිචෙල් හෙන්ස් හතරේ පහර 7ක් සමගින් ලකුණු 67ක් රැස් කිරීමට සමත් වූවාය.

කාසියේ වාසිය ජයග්‍රහණය කරමින් පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම නියමිත පන්දුවාර 50අවසානයේ කඩුලු 8ක් දැවී රැස්කර ගතහැකි වූයේ ලකුණු 195ක් පමණි.

ශ්‍රී ලංකාව වෙනුවෙන් විශිෂ්ඨ ඉනිමක් ක්‍රීඩාකළ ආරම්භක පිතිකාරිනි චමරි අතපත්තු තම එක්දින දිවියේ 5වැනි ශතකය වාර්තා කරමින් පන්දු 124කදී හතරේ පහර 13ක් සමගින් ලකුණු 103ක් රැස් කිරීමට සමත් වූවාය.

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම – පන්දුවාර 50 දී කඩුලු 8කටෙ ලකුණු 195

( චමරි අතපත්තු 103, හර්ෂිතා මාධවි 24, මෙගන් චට් 33/2 , ජර්ජියා වර්හැම් 18/2 )

ඕස්ට්‍රෙල්යානු කාන්තා කණ්ඩායම – පන්දුවාර 26.5 කදී එක් කඩුල්ලක් දැවී 196

( ඇලිසියා හීලි නොදැවී 112, රිචෙල් හෙන්ස් 67 )

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.