ලෝක කුසලාන රග්බි තරගාවලියේ ඕස්ට්‍රේලියාව සහ ජෝර්ජියාව අතර තරගය අද ( 11 ) ජපානයේ ෂිසුඕකා ක්‍රීඩාංගනයේදී ප.ව. 3. 15 ට ආරම්භ වීමට නියමිතය.
ලෝක රග්බි ශ්‍රේණිගත කිරීම් අනුව ඕස්ට්‍රේලියාව 6වැනි ස්ථානයෙත්, ජෝර්ජියාව 13වැනි ස්ථානයේත් පසුවෙයි. ඒ අනුව ඕස්ට්‍රේලියාව මේ වනවිටත් ප්‍රසාද ලකුණු 11ක් සමගින් ඩී කාණ්ඩයේ දෙවැනි ස්ථානයේ රැදී සිටින අතර, අවසන් සුපිරි 8 දෙනාගේ වටය සඳහා සුදුසුකම් ලබා තිබේ.
ජෝර්ජියාව මෙතෙක් සහභාගීවූ තරග 3 අතරින් දෙකක් පරාජයට පත්ව ඇති අතර ඔවුන් ලැබූ එකම ජයග්‍රහණය වනුයේ උරුගුවේ හමුවේ ලැබූ ජයග්‍රහණය පමණි.
Be the first to comment