බංග්ලාදේශ ‘ ඒ ‘ තරග 2 -1 කින් එක්දින තරගාවලිය ජය ගනියි

සංචාරක බංග්ලාදේශ ඒ කණ්ඩායම සහ ශ්‍රී ලංකා ඒ කණ්ඩායම අතර පැවැති තෙවැනි සහ අවසන් නිල නොවන එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට එරෙහිව ඩක්වත් ලුවිස් න්‍යායට අනුව ලකුණු 98ක ජයක් අත්කර ගත් බංග්ලාදේශ ඒ කණ්ඩායම තරග 2 – 1 කින් එක්දින තරගාවලිය ජය ගැනීමට සමත් විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 323ක දැවැන්ත ඉලක්කය හඹාගිය ශ්‍රී ලංකා ඒ කණ්ඩායම වර්ෂාව හේතුවෙන් තරගය නතර කරන විට පන්දුවාර 24.4කදී  කඩුලු 6ක් දැවී ලකුණු 130ක් ලබා සිටියේය.

දක්ෂ පිතිහරඹයක නිතර වූ කමිදු මෙන්ඩිස් පන්දු 65 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 2 ක් සමග ලකුණු 55 ක් රැස්කළේය. නායක අෂාන් ප්‍රියන්ජන් (34) සමග එක්ව පන්දු 68 කදී ලකුණු 64 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද කමිඳු සමත් වූ නමුත් එම සම්බන්ධතාව ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම පරාජයෙන් ගළවා ගැනීමට තරම් ප්‍රමාණවත් නොවීය.

පළමුව පන්දුවට පහරදුන් බංග්ලාදේශ ඒ කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 322ක් රැස් කිරීමට සමත් විය. ආරම්භක පිතිකරු සටිෆ් හසන් විශිෂ්ට පිතිහරඹයක නිරත වෙමින් පන්දු 110 කදී ලකුණු 117ක් රැස් කිරීමට සමත් වූයේ ශ්‍රී ලංකා කණ්ඩායමට අභියෝගාත්මක ලකුණු පුවරුවක් ගොඩ නගමිනි.

පන්දු යැවීමේදී ශිරාන් ප්‍රනාන්දු ලකුණු 50කට කඩුලු 4ක් සහ විශ්ව ප්‍රනාන්දු ලකුණු 69කට කඩුලු 3ක් බැගින් බිද හෙලූහ.

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.