සිම්බාබ්වේ සහ නේපාලයට යළි ICC හි දොරටු විවර වෙයි

නේපාලයට සහ සිම්බාබ්වේ කණ්ඩායමට පනවා තිබූ තහනම ඉවත් කරමින් යළිත් එහි සාමාජිකත්වය ලබා දීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ විධායක කාරක සභාව ඊයේ ( 14 ) තීරණය කළේය.

සිම්බාබ්වේ කණ්ඩායමේ සාමාජිකත්වය මෙම වසරේදී අහෝසි කළ අතර, නේපාලයේ සාමාජිකත්වය 2016 වසරේදී අහෝසි කරනු ලැබීය. කෙසේ නමුත් නැවතත් ඔවුන්ට සාමාජිකත්වය හිමිවීම නිසා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් සංවිධානය කරනු ලබන තරගාවලි සදහා නැවතත් සහභාගී වීමට අවස්ථාව හිමි වේ.

 

 

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.