ශ්‍රී ලංකාව ලෙබනනය හමුවේ 3-0 ලෙස පසු බසී

දෝහා කටාර්හී වසර 2022දී පැවැත්වෙන ලෝක කුසලාන පාපන්දු තරගාවලියට සුදුසුකම් ලැබීමේ ආසියානු කලාපයේ දෙවැනි වටයේ ශ්‍රී ලංකාව හා ලෙබනනය අතර තරගයෙන් ගෝල් 3-0ක ජයක් ලෙබනනය හිමිකර ගැනීමට සමත්විය .

තරගය කොළඹ තුරඟ තරග පිටියේදී පැවැත්විණි.

තරගයේ පළමු භගයේදී ගෝල් ⁣2-0ක් ලෙස ලෙබනනය ඉදිරියෙන් සිටි අතර එම ගෝල් දෙකම ශ්‍රී ලංකා පිලේ නීති විරෝධී ක්‍රීඩාව හේතුවෙන් අත්වූ දඬුවම් පහරවලින් වාර්තා විය.

තරගයේ 15වැනි මිනිත්තුවේදී මනරම් පෙරේරා ගෝල් කණුව ඉදිරියේදී ලෙබනන් ක්‍රීඩකයකු නීති විරෝධී ලෙස ආවරණය කිරීමෙන් දඬුවම් පහරක් පිරිනැමුණු අතර 36 වැනි මිනිත්තුවේදී ආරක්ෂක පෙළ ක්‍රීඩක චලන චමීරගේ දුර්වල ක්‍රීඩා විලාශයෙන් දෙවැනි දඬුවම් පහර ලෙබනනය වාර්තා කළේය.

ලෙබනන් පිලේ තෙවැනි ගෝලය 80වැනි මිනිත්තුවේදී ඉලාල් හලල්වේ වාර්තා කළේය .

වසර 13කට පසුව ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ දෙවැනි වටයට ශ්‍රී ලංකාව පැමිණි අතර මෙතෙක් පැවැති තරගවලදී ටර්කිමෙනිස්තානය සමග පළමු තරගයෙන් ගෝල් 2-0ක පරාජයක් අත්වූ අතර උතුරු කොරියාව සමග 1-0කින් හා දකුණු කොරියාව සමග 8-0ක පරාජයක් ශ්‍රී ලංකාවට අත්විය.

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.