හිටපු ක්‍රිකට් ක්‍රීඩකයන්ගෙන් තෝරාගත් පිරිසක් සමගින් විස්සයි 20 ක්‍රිකට් තරගාවලියක් ලබන වසරේ පෙබරවාරි මාසියේදී පැවැත්වීමට ඉන්දියාව විසින් තීරණය කර තිබේ.
මෙම තරගාවලිය සඳහා ක්‍රිකට් ක්‍රීඩාවේ නිරතව මේ වනවිට විශ්‍රාම ගෙන සිටින ඉන්දියාව, ඕස්ට්‍රේලියාව, දකුණු අප්‍රිකාව, ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් යන රටවල ක්‍රීඩකයන් එක් වීමට නියමිතය.
ඒ අනුව ඉන්දියාවේ සචින් තෙන්ඩුල්කාර්, විරේන්ද්‍ර ශෙවාග්, බටහිර ඉන්දීය කොදෙව්හි බ්‍රයන් ලාරා, ඕස්ට්‍රේලියාවේ බ්‍රෙට් ලී, ශ්‍රී ලංකාවේ තිලකරත්න ඩිල්ෂාන් මෙන්ම දකුණු අප්‍රිකාවේ ජොන්ටි රෝඩ්ස් යන ක්‍රීඩකයන් දැනටමත් මෙම තරගාවලිය සඳහා එක් වීමට කැමැත්ත පළකර තිබේ.
මෙම තරගාවලිය ලබන වසරේ පෙබරවාරි 2 වැනිදා සිටි 16 වැනිදා දක්වා පැවැත්වීමට නියමිත අතර, එරට මාර්ග ආරක්ෂාව ප්‍රවර්ධනය කිරීම අරමුණින් මෙම තරගාවලිය පැවැත් වීමට නියමිතය.
Be the first to comment