සාග් 2019 – සමස්ත පදක්කම් 235 ක අපේක්ෂාවෙන් ශ්‍රී ලංකාව පුහුණුවීම් අරඹයි

13 වැනි වරට  පැවැත්වීමට නියමිත දකුණු ආසියානු ක්‍රීඩා උළෙලට සමගාමී ක්‍රීඩා අමාත්‍යංශයේ සැලැස්ම සහ එහි සූදානම සම්බන්ධයෙන් මාධ්‍යෙව්දීන් දැනුවත් කිරීමේ වැඩසටහන  ඊයේ ( 16 )  පැවැත්විණ.

මෙවර දකුණු ආසියානු ක්‍රීඩා උළෙල සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් තරග ඉසව් 27කදී  ක්‍රීඩක ක්‍රීඩිකාවන් 605 දෙනෙකු පමණ සහභාගී වීමට නියමිතය. එහි මූලික අදියර සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවක් 1039ක් පමණ සිය පුහුණුවීම් කටයුතු ආරම්භ කළ  අතර එයින්ද දෙවැනි අදියරේදී තෝරාගනු ලබන්නේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 800ක් පමණි. එම ක්‍රීඩකයින් සංඛ්‍යාවගෙන්ද අවසන් සංචිතය තේරීමට නියමිත අතර එය මෙය මාසය ඇතුළතදී තෝරා අවසන් කිරීමට නියමිත බව ක්‍රීඩා සංවර්ධන දේපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජනරාල් ධම්ම්ක මුතුගල මහතා කියා සිටියේය.

මෙවර තරගාවලියේ වැඩිම ක්‍රීඩක ක්‍රීඩිකාවන් සංඛ්‍යාවක් සහභාගී වීමට නියමිත ඇත්තේ මළල ක්‍රීඩාව අංශය නියෝජනය කරමිනි. එහිදී ක්‍රීඩක ක්‍රීඩිකාවන් 72 දෙනෙකු පමණ මෙවර තරගාවලිය සඳහා ඉදිරිපත් වීමට නියමිතය.

මෙවර තරගාවලියේදී සමස්ත පදක්කම් 235ක අපේක්ෂාවකින් යුතුව මෙම සංචිත සිය පුහුණුවීම් කටයුතු ආරම්භ කිරීමට නියමිත තිබේ. එහිදී 2016 වසරේ පැවැති තරගාවලියේදී  ශ්‍රී ලංකාව සමස්ත පදක්කම් 186ක් හිමිකරගනිමින් පදක්කම් සටහනේ දෙවැනි තැනට පත්විය. එහිදී ශ්‍රී ලංකාව රන් පදක්කම් 25ක්, රිදී පදක්කම් 63ක් සහ ලෝකඩ පදක්කම් 98ක් දිනා ගැනීමට සමත් විය. ක්‍රීඩා අමාත්‍යංශයේ සැලැස්මට අනුව මෙවර තරගාවලියේදී අපේක්ෂිත රන් පදක්කම් සංඛ්‍යාව 35 දක්වා වැඩිකර ගැනීමේ අරමුණින් සිය සංචිත සඳහා පුහුණුවීම් කටයුතු ආරම්භ කර ඇති බව ඔහු එහිදී වැඩිදුරටත් කියා සිටියේය.

මෙහිදී ක්‍රීඩකයන්ට අවශ්‍ය සියලුම නවාතැන් පහසුකම්, ගුවන් ප්‍රවාහන ගාස්තු, රක්ෂණ වියදම්, දේශිය විදේශීය පුහුණුකරුවන් සඳහා ගෙවීම් කටයුතු ඇතුළු සංචිත 20ක් සඳහා ලබා දීමට නියමිත පුහුණු උපකරණ සඳහා රුපියල් 312,675,000.00 පමණ මුදලක් යෙදවීමට ක්‍රීඩා අමාත්‍යංශය පියවර ගෙන තිබේ.

විශේෂයෙන් මෙවර තරගාවලියේදී ශ්‍රී ලංකා යුද හමුදාවේ දායකත්වය ඇතිව සිය සංචිත පුහුණු කිරීමේ කටයුතු වල සිට ක්‍රීඩකයන්ගේ සියලුම අවශ්‍යතා සඳහා ක්‍රමානුකූල වැඩසටහන් පද්ධතියක් ක්‍රියාත්මක කළ බවත්, අමාත්‍යංශය හැටියට ක්‍රීඩකයන්ට අවශ්‍ය සියලුම පහසුකම් ලබා දීමට පියවර ගත් බව

මෙම අවස්ථාවට විදුලි සංදේශ, විදේශ රැකියා සහ ක්‍රීඩා අමාත්‍යංශයේ ලේකම් චූලානන්දු පෙරේරා මහතා, ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජනරාල් ධම්මික මුතුගල මහතා ඇතුළු නිලධාරීන් සහභාගී වූහ.

මෙවර තරගාවලිය ලබන දෙසැම්බර් මස 1 වනදා සිට 10 වැනිදා දක්වා නේපාලයේ කත්මන්දු සහ ෆොකාරා හිදී  පැවැත් වේ.

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.