කාන්තා වයස 19න් පහළ මංගල ලෝක කුසලාන තරගාවලිය බංග්ලාදේශයේදී

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මගින් පැවැත්වීමට නියමිත කාන්තා වයස 19න් පහළ මංගල ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය 2021 වසරේදී බංග්ලාදේශයේ සත්කාරකත්වයෙන් පැවැත්වීමට තීරණය කර තිබේ. පසුගියදා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ පැවති මණ්ඩල රැස්වීමේදී මේ බව තහවරු කළේය.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් බංග්ලාදේශ ක්‍රිකට් ආයතනයේ සභාපති නස්මුල් හසන් කියා ඇත්තේ, මෙය බංග්ලාදේශයේ ක්‍රිකට් ක්‍රීඩාව වර්ධනය තවත් රුකුලක් වන බවත්, මංගල තරගාවලිය බංග්ලාදේශය වෙත ලබා දීම සම්බන්ධයෙන් සතුටු වන බවත්ය.

නමුත් ඔහු එහිදි වැඩිදුරටත් දක්වා ඇත්තේ, ඔවුන්ට මේ වනවිට 19න් පහළ කාන්තා කණ්ඩායමක් නොසිටින බවයි. නමුත් ඉදිරි වසර කාලය තුළදී සාර්ථක කණ්ඩායම් සොයා ගැනීමට ඔවුන් බලාපොරොත්තු වනබව එහිදී දක්වා තිබේ.

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.