මේ මස අගදී ඕස්ට්‍රේලියාවට එරෙහිව ආරම්භ වීමට නියමිත තරග 3කින් යුත් විස්සයි 20 තරගාවලියට අදාල ක්‍රීඩකයන් 16 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා විස්සයි 20 සංචිතය නිල වශයෙන් අද ( 17 ) ප්‍රකාශයට පත් කළේය.
කණ්ඩායමේ නායකත්වය ලසිත් මාලිංගට හිමිව ඇති මුත් කණ්ඩායමේ උප නායකයා පිළිබඳව නිශ්චිතව සඳහන් කර නොමැත.
පාකිස්තාන සංචිතයට එක් නොවූ ලසිත් මාලිංග, නිරෝෂන් දික්වැල්ල, කුසල් ජනිත් පෙරේරා සහ කුසල් මෙන්ඩිස් යළිත් කණ්ඩායමට එක්වෙද්දී, පාකිස්තාන සංචාරයට එක් වූ කඩුලු රකින ක්‍රීඩක සදීර සමරවිකුම සහ මිනෝද් භානුකට කණ්ඩායමේ ස්ථානය අහිමිව ඇති අතර, තුන් ඉරියව් ක්‍රීඩක ළහිරු මධුෂංක සහ මැද පෙළ පිතිකරු ඇන්ජලෝ පෙරේරාටද කණ්ඩායමේ ස්ථානය අහිමි වී තිබේ.
දෙරට අතර පළමු විස්සයි 20 තරගය මේ මස 27 වැනිදා ඇඩිලෙයිඩ් ඕවල් ක්‍රීඩාංගනයේදී ආරම්භ වීමට නියමිත අතර, දෙවැනි විස්සයි 20 තරගය මේ මස 30 වැනිදා බ්‍රිස්බෙන්හි ගැබා ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. තෙවැනි සහ අවසන් විස්සයි 20 තරගය නොවැම්බර් 1 වැනිදා මෙල්බර්න් ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී පැවැත්වේ.
ශ්‍රී ලංකා විස්සයි 20 සංචිතය – ලසිත් මාලිංග ( නායක ), කුසල් ජනිත් පෙරේරා, කුසල් මෙන්ඩිස්, ධනුෂ්ක ගුණතිලක, අවිශ්ක ප්‍රනාන්දු, නිරෝෂන් දික්වැල්ල, දසුන් ශානක, ෂෙහාන් ජයසූරිය, භානුක රාජපක්ෂ, ඕෂධ ප්‍රනාන්දු, වනිදු හසරංග, ලක්ෂාන් සදකැන්, නුවන් ප්‍රදීප්, ලහිරු කුමාර, ඉසුරු උදාන, කසුන් රාජිත
Be the first to comment