ටෙස්ට් හා විස්සයි 20 නායකත්වයෙන් සෆ්රාස් ඉවත් කරයි

ශ්‍රී ලංකාවට එරෙහිව පැවති විස්සයි 20 තරගාවලිය තරග 3 – 0 කින් පාකිස්තානය පරාජය වීමත් සමග පාකිස්තාන කණ්ඩායමේ නායක සෆ්රාස් අහමඩ් විස්සයි 20 හා ටෙස්ට් කණ්ඩායමේ නායකත්වයෙන් ඉවත් කිරීමට එරට ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ.

ඒ අනුව සෆ්රාස් අහමඩ් එක්දින කණ්ඩායමේ පමණක් නායකත්වයේ රඳවා ගනිමින් විස්සයි 20 හා ටෙස්ට් කණ්ඩායමේ නායකත්වය පිළිවෙලීන් බාබර් අසාම් සහ අසාර් අලී වෙත ලබා දීමට පාකිස්තාන ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.

ඒ අනුව ලබන වසරේ පැවැත්වෙන විස්සයි 20 ලෝක කුසලානය මොහෙයවීමේ වගකීම ද බාබර් අසාම් වෙත පැවරෙන අතර, අසාම් අලී ලෝක ශුරතා ටෙස්ට් තරගාවලියේ අවසානය තෙක් පාකිස්තාන කන්ඩායමට නායකත්වය ලබාදෙනු ඇත.

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.