ලෝක කුසලාන රග්බි – ගියවර අනුශූරයන්ට තිත තබමින් එංගලන්තය අවසන් පූර්ව වටයට

පළමු අර්ධ අවසන් පූර්ව වටයේ පැවති තරගයෙන් පසුගියවර රග්බි අනුශූරයන් බවට පත් වූ ඕස්ට්‍රේලියාව ලකුණු 40 – 16 කින් පරාජය කරමින් මෙවර ලෝක කුසලාන රග්බි තරගාවලියේ අවසන් පූර්ව වටයේ ස්ථානය තහවුරු කර ගැනීමට ප්‍රබල එංගලන්ත කණ්ඩායම අද ( 19 ) සමත් විය.

පළමු අර්ධය ලකුණු 17 – 9 කින් පෙරමුණ ගත් එංගලන්ත කණ්ඩායමට දෙවැනි අර්ධය ආරම්භයේදී ඕස්ට්‍රේලියාව හමුවේ යම් අභියෝගයක් එල්ල වුවද, එකී අභියෝගය සම්පූර්ණයෙන්ම ජයගත් එංගලන්ත කණ්ඩායම ලකුණු 40 – 16 කින් තරගය නිම කළේ මෙවර තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබූ පළමු කණ්ඩායම බවට පත්වෙමිනි.

එංගලන්තයේ ජයග්‍රහණයට සාර්ථක ආරම්භයක් ලබාදුන් ජොනී මේ තරගයේ 18 වැනි සහ 21 වැනි මිනිත්තුවේදී උත්සාහක දිනුම් ද්විත්වයක් වාර්තා කරමින් එංගලන්ත ලකුණු පුවරුව ඉහළට ඔසවා තැබීය. ඔහුට අනගි සහයක් ලබාදුන් කයිල් සින්කලර් ( 46 වැනි මිනිත්තුවේදී ) සහ ඇන්තනි වොට්සන් ( 76 වැනි මිනිත්තුවේදී ) උත්සාහ දිනුම් වාර්තා කරමින් එංගලන්ත කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගියහ.

ඕස්ට්‍රේලියාව වෙනුවෙන් වාර්තා වූ එකම උත්සාහක දිනුම වේගවත් ධාවනයකින් පසුව ලබා ගැනීමට මරිකා කොරෙයිබෙට් කටයුතු කළේය.

නවසීලන්තය සහ අයර්ලන්තය අතර දෙවැනි අර්ධ අවසන් පූර්ව වටයේ තරගය අද ප.ව 3.45 ට ආරම්භ වීමට නියමිතය.

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.