ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයතු කළ, චන්දික හතුරුසිංහගේ ගිවිසුම තවත් දින දෙක තුනකින් අහෝසි කිරීමට පියවර ගන්නා බව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු ඊයේ ( 18 ) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේය.
මින් පෙර චන්දික හතුරුසිංහගේ ගිවිසුම වහාම ඉවත් කරන්නේ නම්, ඔහු වෙනුවෙන් රැපියල් කොට් 11.2 මුදල ( ලක්ෂ 1120 ) ගෙවිය යුතු බව රාවයක් පැතීරි ගියද, මෙම තත්ත්වය ඔස්සේ ඔහුට එම කිසිම මුදලක් නොලැබෙන බව ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කරයි. ඔහු එම වන්දි මුදල ලබා ගැනීමට උත්සාහ කරන්නේ නම්, ඒ වෙනුවෙන්ම වෙන්වූ ජාත්‍යන්තර අධිකරණයක් ඔස්සේ, නීතියේ පිහිට පැතීමට සිදුවන බව ක්‍රීඩා අමාත්‍යවරයා කියා සිටියේය.
“ ලංකාවේ මේ සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක වීමත් සිදුවෙන්නේ නැහැ. ඒ නිසා ඔහුට අසාධාරණයක් වෙලා තියෙනවා නම් ජාත්‍යන්තරව අධිකරණයේ පිහිට පතන්න පුළුවන්. ඔහු අධිකරණයට ගිහින් එනකොට අපි ලෝක කුසලානයත් දිනලා තියෙයි. එම ක්‍රියාවලිය හිතන තරම් පහසු එකක් නොවන බව අමාත්‍යවරයා එහිදී කියා සිටියේය.
චන්දික හතුරුසිංහ වෙනුවෙන්, මාසිකව ලක්ෂ 70කට අධික මුදලක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දරමින් සිටි අතර ඔහු ප්‍රධාන පුහුණුකරු ධූරයෙන් තාවකාලිකව ඉවත් කරන විට තවත් මාස 16ක පමණ කාලයක් ඔහුට සිය ධූරයේ රැදී සිටීමට අවස්ථාව තිබිණ. කෙසේ නමුත් ශ්‍රී ලංකා කණ්ඩායමට දිගින් දිගටම ලැබූ දරුණු පරාජය හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධූරයෙන් ඔහුව ඉවත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කළේය.
Be the first to comment