සත්කාරක ජපානය තරගාවලියෙන් ඉවතට ඇද දමමින් දකුණු අප්‍රිකාව අවසන් පූර්ව වටයට යයි

ලෝක කුසලාන රග්බි තරගාවලියේ  සිව්වන අර්ධ අවසන් පූර්ව වටයේ තරගයෙන් සත්කාරක ජපානය ලකුණු 26 – 3 කින් පරාජය කරමින් මෙවර ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට දකුණු අප්‍රිකානු කණ්ඩායම අද ( 20 ) සමත් විය.

මෙම ජයග්‍රහණයත් සමගින් දකුණු අප්‍රිකාව ලෝක කුසලාන තරගාවලියකදී අර්ධ අවසන් පූර්ව වටයට පිවිසි 5 වන අවස්ථාව බවට පත්විය.

පළමු අර්ධය ලකුණු 05 – 03 කින් පෙරමුණ ගැනීමට දකුණු අපිකාව සමත් වුවද, එහිදි කණ්ඩායම් ද්විත්වය අතරම තියුණු සටනක් දැක ගැනීමට හැකිවිය. එහෙත් දෙවැනි අර්ධයේදී ජපානයේදී සියලු බලාපොරොත්තු සුනු විසුළු කළ දකුණු අප්‍රිකානුවෝ ලකුණු 26 දක්වා තම කණ්ඩායම ඉහළට ඔසවා තබමින් තරගයේ ජයග්‍රහණය දකුණු අප්‍රිකාව වෙත නතුකර දුන්හ.

අද පැවැති තෙවැනි අර්ධ අවසන් පුර්ව වටයේ තරගයෙන් ප්‍රංශය ලකුණු 20 – 19 කින් පරාජය කරමින් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට ෆීජී රාජ්‍ය සමත් විය.

ඒ අනුව මේ මස 26 වැනිදා ( සෙනසුරාදා ) එංගලන්ත කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායමත්, 27 වැනිදා වේල්සය සහ දකුණු අප්‍රිකානු කණ්ඩායමත් අවසන් පූර්ව වටයේදී තරග වැදීමට නියමිතය.

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.