එළඹෙන ශ්‍රී ලංකා -ඕස්ට්‍රේලියා විස්සයි 20 තරගාවලියෙන් පසු ශ්‍රී ලංකා කණ්ඩායමේ නිත්‍ය වේග පන්දු පුහුණුකරු ලෙස ඕස්ට්‍රේලියානු හිටපු වේග පන්දු යවන්නෙකු මෙන්ම ක්‍රිකට් විස්තර විචාරකයෙකු වන බ්‍රෙට් ලී එක් වීමට නියමිත බව ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කරයි.
ශ්‍රී ලංකා කණ්ඩායමේ මේ වනවිට නිත්‍ය වේග පන්දු පුහුණුකරුවෙකු කටයුතු නොකරන අතර වැඩ බලන පුහුණුකරු රුමේෂ් රත්නායක වේග පන්දු පුහුණුකරු මෙන්ම කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරුවා ලෙස කටයුතු කරනු ලැබේ.
බ්‍රේට් ලීට අමතරව ශ්‍රී ලංකා පන්දු රැකීමේ පුහුණුකරු භූමිකාව වෙත දකුණු අප්‍රිකානු හිටපු දක්ෂ පන්දු රකින්නෙකු වන ජොන්ටි රෝඩ් එක් වීමට නියමිත බව සඳහන් වේ.
එක්දින හා ටෙස්ට් ක්‍රිකට් පිටියේ විශිෂ්ඨයෙකු වූ බ්‍රෙට් ලී ක්‍රීඩාවට සමුදෙන විට ටෙස්ට් තරග 76කදී කඩුලු 310 ක් සම එක්දින තරග 221කද කඩුලු 380ක් බිද හෙලීමට සමත් විය.
Be the first to comment