ඉන්දියාව පැරදූ ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවෝ ආසියානු ශූරතාව රැක ගනිති

නේපාලයේ කත්මන්දු නුවරදී නිමාවට පත් වූ පළමු දකුණු ආසියානු වයස අවුරුදු 16න් පහළ දැල්පන්දු ශූරතාවලියේ අවසන් තරගයෙන් ඉන්දියාවට එරෙහිව ලකුණු 42 – 28 ක ජයක් ලැබූ ශ්‍රී ලංකා කණිෂ්ඨ දැල්පන්දු කණ්ඩායම ශූරතාව දිනා ගැනීමට අද ( 22 ) සමත් විය.

තරගයේ පළමු කාර්තුව ලකුණු 8 – 8 කින් දෙපිළම සම කරමින් තරගයට සාර්ථක ආරම්භයක් ලබා ගනු ලැබුවද, දෙවැනි කාර්තුවේදී ඉදිරියට පැමිණි ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් ලකුණු 16 – 4 කින් එම තරග වටය ජය ගනු ලැබීය.

තෙවැනි කාර්තුව යළිත් උණුසුම් මුහුණුවරක් ගනු ලැබූ අතර,  එම තරග වටයද ලකුණු 11 – 08 කින් ජය ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සමත් වූහ. තරගයේ අවසන් හා තීරාණාත්මක තරග වටයේදී ශ්‍රී ලංකා පරාජය කරමින් ලකුණු 8– 7 කින් ඉන්දියාව ජය ගනු ලැබුවද, එවිටමත් තරගයේ ජය ශ්‍රි ලංකාව වෙත නතු වී අවසන්ය.

තරගාවලිය පුරාවටම දක්ෂතා දැක්වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායිකා නෙත්මි විජේනායක දක්ෂතම ක්‍රීඩිකාවට බවට සම්මාන දිනා ගත්තාය.

2 Comments

  1. While congratulating the team for winning the Championship, may I remind the Netball Authorities to take note of India’s success in this sport which has been alien to them until quite recent.
    The threat to us at Asian level has always been Singapore and Thailand.
    With 1.3 billion people to choose from I am sure India will show their might in the very best future.

    • Thanks for your encouraging words, Netball is a sport that Sri Lanka should invest in for sporting success although it might not bring that much of financial gains.

Leave a Reply

Your email address will not be published.


*


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.