45 වැනි ජාතික මහ ක්‍රීඩා උළෙල – රත්නසේන සහෝදරයෝ 400 කඩුලු මතින් දිවීමේ ආධිපත්‍ය පතුරති

මෙවර තරගාවලියේ තීරණාත්මක මෙන්ම කාගේත් අවධානය යොමු වූ පිරිමි  මීටර 400 කඩුලු මතින් දිවීමේ තරග ඉසව්වේ රන් හා රිදී පදක්කම් ද්විත්වයම එකම නිවසක් කරා රැගෙන යාමට රත්නසේන සහෝදරයෝ සමත් වූහ.

සබරගමුව පළාත නියෝජනය කරමින් මෙවර තරගාවලියට එක්ව සිටි අසංක රත්නසේන සහ අසිත රත්නසේන පිලීවෙලින් මීටර 400 කඩුලු මතින් දිවීමේ තරග ඉසව්වේ රන් පදක්කම සහ රිදී පදක්කම් දිනා ගැනීමට සමත් වූහ.

මොවුන් දෙදෙනා අතරින් අසංක රත්නසේන වැඩිමහල් සහෝදරායා වන අතර ඔහු රන් පදක්කම දිනා ගනු ලැබුවේ තත්පර 54.05 කින් තරගය අවසන් කරමිනි. ඔහුට අභියෝගයක් බවට පත් වූ ඔහුගේම සොහොයුරු අසිත රත්නසේන තත්පර 54.38 කින් තරගය නිම කරමින් රිදී පදක්කම දිනා ගනු ලැබීය.

මෙම තරග ඉසව්වේ ලෝකඩ පදක්කම හිමි වූයේ, දකුණු පළාත නියෝජනය කළ කේ.ඒ.ආර්. මධුෂාන් ක්‍රීඩාකයාටයි.

කාන්තා මිටර 400 කඩුලු මතින් දිවීමේ තරග ඉසව්වේ රන් පදක්කම දකුණු පළාතේ ෂාමා දුලානි විසින් දිනා ගනු ලැබුවේ විනාඩි 1:02.02 කින් තරගය නිම කරමිනි. විනාඩි  1:-2.36 කින් තරගය නිම කරමින් එහි රිදී පදක්කම වයඹ පළාතේ ටී.ජී වික්‍රමසිංහ විසින් දිනගනු ලැබු අතර දකුණු පළාතේම එන්.ඩී ලක්මිනි විනාඩි 1:02.55 කින් තරගය නිම කරමින් ලෝකඩ පදක්කම දිනා ගත්තාය.

ජායාරූප – ක්‍රීඩා අමාත්‍යංශයෙනි 

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.