45 වැනි ජාතික මහ ක්‍රිඩා උළෙල – දුර පැනීමේ රන් පදක්කම බස්නාහිර පළාතේ අංජනී සුගන්ධිකාට

45 වැනි වරටත් පැවැත්වෙන ජාතික මහ ක්‍රීඩා උළෙලේ කාන්තා දුර පැනීමේ ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට බස්නාහිර පළාතේ අංජනී පුල්වන්ස ක්‍රීඩිකාව අද ( 25 ) සමත් වූවාය.

මීටර 5.96 ක දක්ෂතාවයක් පෙන්නුම් කරමින් ඇය මෙවර තරගාවලියේ රන් පදක්කම දිනා ගනිද්දී, ඇයට අභියෝග කරමිත් තරගයට ප්‍රවිශ්ඨ වූ බස්නාහිර පළාතේ ලක්ෂිකා සුගන්ධි ක්‍රීඩිකාව මීටර 5.76ක දක්ෂතාවයක් පෙන්නුම් කරමින් රිදී පදක්කම දිනා ගැනීමට සමත් වූවාය.

දුර පැනීමේ ඉසව්වේ ලෝකඩ පදක්කමද බස්නාහිර පළාත නියෝජනය කළ සදීපා හෙන්ඩර්සන් විසින් දිනා ගනු ලැබූ අතර ඇය එහිදී මීටර 5.67ක දක්ෂතාවයක් පෙන්නුම් කිරීමට සමත් වූවාය.

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.