සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඕස්ට්‍රේලියානු කණ්ඩායම අතර අනිද්දා ( 30 ) ආරම්භ වීමට නියමිත දෙවැනි විස්සයි 20 තරගයට ඕස්ට්‍රේලියා වේගපන්දු යවන ක්‍රීඩක මිචෙල් ස්ටාක් සහභාගී නොවන බව එරට ක්‍රිකට් ආයතනය නිවේදනය කර තිබේ. ඒ, පෞද්ගලික හේතුවක් මත මිචෙල් ස්ටාක් කළ ඉල්ලීමකට අනුවයි.
පළමු විස්සයි 20 තරගයේදී ශ්‍රී ලංකාවට එරෙහිව ලකුණු 134ක විශිෂ්ඨ ජයක් ලැබීමට ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමත් වූ අතර, එහිදී ලකුණු 18 කට කඩුලු 2 බිද හෙලීමට මිචෙල් ස්ටාක් සමත් විය.
ස්ටාක් වෙනුවට බිලී ස්ටැන්ලේක් හෝ සීන් ඇබට් යන දෙදෙනාගෙන් එක් අයෙකු කණ්ඩායමට කැඳවීමට නියමිත බව විදෙස් ආරංචි මාර්ග සදහන් කරයි.
Be the first to comment