ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ජාතික කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩිකාවන්ට මාස හයක වැටුප් කොන්ත්‍රාත්තුවක් පිරිනමා තිබේ. ඒ අනුව ජාතික තලයේ ක්‍රීඩිකාවන් විසිදෙනෙක් මෙම කොන්ත්‍රාත්තුවට අන්තර්ග්රහනය කරගන්නා බව එම ආයතනය නිවේදනය කළේය. නැගී එන ක්‍රීඩිකාවන් පහළොස් දෙනෙක්ද තෙමසක කාලයකට යටත්වන පරිදි මෙලෙස කොන්ත්‍රාත් ගිවිසුමට එක්කරගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර ඇත. ඊට අමතරව ඔවුනට අතිරේක මාසික දීමනාවක් පිරිනමනුයේ පෝෂණ අතිරේක මිලදී ගැනීම වෙනුවෙනි. එය ඔක්තෝබර් පළමුවැනිදා සිට ක්‍රියාත්මක කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් මාධ්‍ය අංශය නිවේදනය කළේය.
ජාතික කණ්ඩායමේ ක්‍රීඩිකාවන්ට ‘ඒ, බී, සී, සහ ඩී’ යනුවෙන් වර්ගීකරණ හතරක් හඳුන්වා දී ඇති අතර නැගී එන කාන්තා ක්‍රීඩිකාවන්ට නිශ්චිත මාසික වේතනයක් සහ පැමිණීමේ දීමනාවක් ලබාදීමටද සැලසුම්කර ඇත. ඒ අනුව ‘ඒ’ කාණ්ඩයට චමරි අතපත්තු, ශෂිකලා සිරිවර්ධන, ඉනෝකා රණවීර එක්කර ඇති අතර ‘බී’ කාණ්ඩයට ඇතුළත්ව ඇත්තේ අනුෂ්කා සජීවනී, යශෝධා මෙන්ඩිස්, ඕෂධී රණසිංහ, නිලක්ෂි ද සිල්වා, සුගන්ධිකා කුමාරි ය. ‘සී’ කාණ්ඩයට උදේශිකා ප්‍රබෝධනී, දිලිනි මනෝදරා, හෂිනි පෙරේරා, අමා කාංචනා, ප්‍රසාදිනී වීරක්කොඩි, කවීශා දිල්හාරි, හර්ෂිතා මාධවී ඇතුළත් කර ඇති අතර ‘ඩී’ කාණ්ඩයට එක්කර ඇත්තේ ඉමල්කා මෙන්ඩිස්, ඉරෝෂණී ප්‍රනාන්දු, අචනි කුලසූරිය, හංසිමා කරුණාරත්න සහ මධුෂිකා මෙත්තානන්ද යි.
නැගී එන කණ්ඩායමේ කොන්ත්‍රාත්තුවට මෙල්ෂා ෂෙහානි, සත්‍යා සන්දීපනී, ලිහිණි අප්සරා, තාරිකා සෙව්වන්දි, උමේෂා තිමාෂිනී, ජිමාංජලී විජේනායක, හර්ෂනී විජේරත්න, ශෂිකලා සිල්වා, සඳුනි නිසංසලා, ඉරේෂා ශ්‍යාමලී. තාරුකා ශෙහානි, නිලක්ෂණා සඳමානි, රෝස් පෙරේරා, සන්ධ්‍යානි ඕෂදී සහ ජනාදි අනාලි ඇතුළත්ව ඇත.
උපුටා ගැනීම – රැස
Be the first to comment