ශ්‍රී ලංකා දැල්පන්දුව නැවත කෙහෙවලු පටලවා ගැනීමක

වෙළඳ සේවා දැල්පන්දු සම්මේලනයේ සභාපතිනි ජයන්ති සෝමසේකරන් (වම) ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනයේ සභාපතිනි ලක්ෂ්මී වික්ටෝරියා

ශ්‍රී ලංකා දැල් පන්දු පරිපාලනය තිළ නැවත වතාවක් අර්බුදකාරී තත්වයක් මතුවන ලකුණු පහළ වී තිබේ. ඒ වෙළෙඳ සේවා නෙට්බෝල් සංගමය අභියාචනාධිකරණය ඉදිරියේ නඩුවක් ගොණු කිරීමත් සමගයි.

ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනයේ නිලවරණය නීති විරෝධී ලෙස පවත්වා ඇති බවත්, එසේ හෙයින් නැවැත නිවැරදි ආකාරයෙන් නිලවරණය පවත්වන ලෙස නියෝගයක් නිකුත් කරන ලෙසත් එම සංගමයඅභියාචනාධිකරණයෙන් ඉල්ලා සිටි.

ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම් චූලානන්ද පෙරේරා, ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල් ධම්මික මුතුගල, ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනයේ නව නිලධාරී මණ්ඩලය ලෙස පත්වූ සභාපති ලක්ෂ්මී වික්ටෝරියා, ලේකම් චම්පා ගුණවර්ධන, භාණ්ඩාගාරික පද්මිණී හොරණගේ, උප සභාපති ටී.එම්.පී.කුමාරිහාමි, සහකාර ලේකම් සුමිත්‍රා කුමාරි වනසිංහ හා සහකාර භාණ්ඩාගාරික හිරන්ති සේනානායක යන අය මේ නඩුවේ වග උත්තරකරුවන් ලෙස නම්කොට ඇත.

ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනයේ නිලවරණය පැවැත්වීමට පෙර ක්‍රියාකාරීත්වයක් නොමැති සංගම්වලට ඡන්ද අයිතිය ලබාදීම අසාධාරණ බවත්, එවැනි පසුබිමක් යටතේ පවත්වන නිලවරණය නීත්‍යානුකූල නොමැති බවත්, වෙළෙඳ සේවා දැල්පන්දු සංගමය විරෝධතා ලිපියක් මගින් දැනුම්දී තිබිණි.

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.