ඇෆ්ගනිස්තානයට එරෙහිව පැවති තෙවැනි එක්දින තරගයේදී පන්දුවේ ස්වභාවය වෙනස්කළා යැයි තහවුරු වීමත් සමග බටහිර ඉන්දීය කොදෙව් යොවුන් පිතිකරු නිකලස් පූරන් හට තරග 4 ක තරග තහනමක් පැනවීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබේ.
ඒ අනුව ඇෆ්ගනිස්තානයට එරෙහිව පැවැත්වෙන තරග 3කින් සමන්විත විස්සයි 20 තරගාවලිය මෙන්ම ඉන්දීයාව සමගින් පැවැත්වීමට නියමිත විස්සයි 20 තරගාවලියේද පළමු තරගය ද ඔහුට අහිමි වනු ඇත.
ඇෆ්ගනිස්තානය සහ බටහිර ඉන්දීය කොදෙව්ව අතර පළමු විස්සයි 20 තරගය හෙට ( 14 )පැවැත්වීමට නියමිතය. .
Be the first to comment