කණ්ඩායම් 8කගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන නැගී එන කණ්ඩායම් අතර ආසියානු කුසලාන ක්රිකට් තරගාවලිය හෙට ( 14 ) බංග්ලාදේශයේ සත්කාරත්වයෙන් ආරම්භ වීමට නියමිතය.
චරිත් අසලංක ශ්රී ලංකා කණ්ඩායමට නායකත්වය සපයද්දී, ගියවර තරගාවලියේ වීරයා බවට පත් වූ කමිදු මෙන්ඩිස් මෙවර ශ්රී ලංකා කණ්ඩායමේ උප නායකයා ලෙසින් කටයුතු කරනු ලැබේ.
ගියවර ශුරයන් බවට පත් වූ ශ්රී ලංකා නැගී එන කණ්ඩායම මෙවර “ ඒ “ කාණ්ඩයෙන් තරගාවලියට අවතීර්ණ වන අතර ඒ අනුව පළමු වටයේදී පාකිස්තානය, ඇෆ්ගනිස්තානය සහ ඕමානය යන කණ්ඩායම් සමගින් තරග වැදීමට නියමිතය. සත්කාරක බංග්ලාදේශය, ඉන්දියාව, හොංකොං සහ එක්සත් අරාබි එමීර් රාජ්ය යන කණ්ඩායම් “ බී “ කාණ්ඩයෙන් තරගාවලියට එක් වෙයි.
පාකිස්තිනයට එරෙහිව පැවති විස්සයි 20 තරගාවලියේදී එක්දින හා විස්සයි 20 වරම් දිනූ කඩුලු රකින ක්රීඩක මිනෝද් භානුක ද මෙම තරගාවලියට එක් කිරීමට ශ්රී ලංකා තේරීම් කමිටුව තීරණය කර තිබේ. එයට අමතරව දක්ෂතා අතර සිටින පැතුම් නිශ්ශංක, හසිත බෝයගොඩ, අශේන් බණ්ඩාර සහ ශම්මු අශාන් යන යොවුන් ක්රීඩකන්ද මෙම සංචාරයට එක්වෙති.
අසිත ප්රනාන්දු, කළණ පෙරේරා , ජෙහාන් ඩැනියෙල් සහ ශිරාන් ප්රනාන්දු ශ්රී ලංකා කණ්ඩායමේ වේග පන්දු යවන්නන් ලෙසින් කටයුතු කරද්දී, අමිල අපොන්සු, රමේෂ් මෙන්ඩිස් සහ සචිදු කොළඹගේ යන ක්රීඩකයන් දග පන්දු යවන්නන් ලෙස කටයුතු කරනු ලැබේ.
ශ්රී ලංකා කණ්ඩායම සහබාගී වන පළමු තරගය හෙට ( 14 ) ඕමාන් කණ්ඩායමටෙ එරෙහිව පැවැත්වීමට නියමිතය.
ශ්රී ලංකා සංචිතය – චරිත් අසලංක ( නායක ) , කමිදු මෙන්ඩිස් ( උප නායක ), පැතුම් නිශ්ශංක, හසිත බෝයගොඩ, මිනෝද් භානුක, අශේන් බණ්ඩාර, සම්මු අශාන්, නිශාන් මධුෂ්ක, ජෙහාන් ඩැනියෙල්, අසිත ප්රනාන්දු, කළණ පෙරේරා, ශිරාන් ප්රනාන්දු, රමේෂ් මෙන්ඩිස්, අමිල අපොන්සු, සචිදු කොළඹගේ
තරග කාල සටහන
ශ්රී ලංකාව සහ ඕමානය අතර තරගය නොවැම්බර 14 වැනිදා
ශ්රී ලංකාව සහ පාකිස්තානය අතර තරගය නොවැම්බර් 16 වැනිදා
ශ්රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර තරගය නොවැම්බර 18 වැනිදා
Be the first to comment