නේපාලයේ පැවැත්වෙන 13 වැනි දකුණු ආසියානු ක්රීඩා උළෙලට එක්වන පිරිමි පාපන්දු කණ්ඩායම නම් කිරීමට ශ්රී ලංකා පාපන්දු සම්මේලනය කටයුතු යොදා තිබේ.
මෙවර දකුණු ආසියානු ක්රීඩා තරගාවලියේදී පාපන්දු තරගාවලිය පැවැත්වෙන්නේ
අවුරුදු 23න් පහළ තරගාවලියෙක් ලෙස යි.
ක්රීඩකයන් විසිදෙනකුගෙන් සමන්විත ශ්රී ලංකා කණ්ඩායමේ නායකත්වය මොහොමඩ් ෆසාල්ට හිමිවි ඇත.
ශ්රී ලංකාව අවසන් වරට 2006 වසරේ කොළඹ පැවැති 10 වැනි සාග් තරගාවලියේදී රිදී පදක්කම දිනාගත් අතර ඉන් පෙර 2004 වසරේ ලෝකඩ පදක්කම දිනා තිබිණි. අවසන් වරට ඉන්දියාවේ පැවැති 12 වැනි සාග් ක්රීඩා උළෙලේදී පාපන්දු පිරිමි ඉසව්වේ රන් පදක්කම නේපාලය දිනාගත් අතර රිදී පදක්කම ඉන්දියාවත්, ලෝකඩ පදක්කම බංග්ලාදේශයටත් හිමිවිය.
මේ සංචිතයට ඇතුළත්ව ඇති ක්රීඩකයන් 2022 ලෝක කුසලාන පාපන්දු තරගාවලිය සඳහා සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියට එක්වන ශ්රී ලංකා සංචිතයේ පුහුණුවූ ක්රීඩකයන් වීම විශේෂත්වයකි.
ශ්රී ලංකා පිරිමි පාපන්දු සංචිතය – මොහොමඩ් ෆසාල් (නායක), සුජාන් පෙරේරා, ඩක්සන් පුස්ලාස්, නුවන් ගිම්හාන, පැතුම් විමුක්ති, දිලිප් පීරිස්, චමෝද් ඩිල්ශාන්, මනරම් පෙරේරා, මොහොමඩ් ආකිබ්, ජෝයි නිතුශාන්, මොහොමඩ් ඉශාන්, මොහොමඩ් මුස්ටාක්, මොහොමඩ් ශහීල්, අමාන් ෆයිසර්, ධනංජය ප්රනාන්දු, ඇල්ෆ්රඩ් තනේශ්, සුන්දරාජ් නිරේශ්, සසංග දිල්හාර, නවීන් ජූඩ්, ජූඩ් සුමාන්
නිලධාරීන් – නිසාම් අලී (ප්රධාන පුහුණුකරු), සුනිල් සෙනවීර (කළමනාකරු), සම්පත් බණ්ඩාර (ගෝල් කීපර් පුහුණුකරු), එම්.බාරිසිත් (භෞත චිකිත්සක)
1 Trackback / Pingback