සුපිරි පළාත් කාන්තා විස්සයි20 ක්‍රිකට් තරගාවලිය ට කණ්ඩායම් 4ක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන සුපිරි පළාත් කාන්තා විස්සයි20 ක්‍රිකට් තරගාවලිය මේ මස 24 වැනිදා එස්.එස්.සී පිටියේදී ආරම්භ වෙයි.

කොළඹ, මහනුවර, දඹුල්ල සහ ගාල්ල ලෙස කණ්ඩායම් 4ක් තරග වදින මෙහිදී එක් කණ්ඩායමක් මූලික වටයේදී තරග 3කට ක්‍රීඩා කරන අතර ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගන්නා කණ්ඩායම් දෙක මේ 29 වැනිදා එස්.එස්.සී පිටියේදීම අවසන් තරගයට එක්වෙයි.

ඕෂදී රණසිංහ කොළඹ පිලේ නායිකාව ලෙස කටයුතු කරන අතර හර්ෂිතා මාධවී මහනුවර කණ්ඩායමේත්, නිලක්ෂි සිල්වා ගාල්ල කණ්ඩායමේත් නායිකාව ලෙස කටයුතු කරති. දඹුල්ල කණ්ඩායම මෙහෙයවීමේ වගකීම පැවරී ඇත්තේ චමරි අතපත්තුටය.

කොළඹ කණඩායම – ඕෂදී රණසිංහ (නායිකාව), හසිනි පෙරේරා, අමා කාංචනා, ඉනොෂි ප්‍රනාන්දු, දිලානි මනෝදරා (කඩුලු රකින්නිය), අචිනි කුලසූරිය, ඉමල්කා මෙන්ඩිස්, ෂෙරීනා රුවිකුමාර්, රෝසි පෙරේරා, ජනානි කෞෂල්‍යා, සුදර්ශිකා බණ්ඩාර, කෞෂල්‍යා මධුමාලි, සිත්මි හර්ෂනා, විශ්මි රාජපක්ෂ, මෙත්මා දෙව්මි.

මහනුවර කණඩායම – හර්ෂිතා මාධවී (නායිකාව), කවීෂා දිල්හාරි, සත්‍යා සන්දීපනී, උමේෂා තිමේෂනී, සයනි ඕෂදී, මල්ෂා රණතුංග, ජිනාංජලි විජේනායක, තාරුකා ෂෙහානි, තාරිකා සෙව්වනිදි, සචිනි ඩිල්ෂානි, නිලක්ෂනා සඳමිනි (කඩුලු රකින්නිය), ජනාදි අනාලි, ලිහිනි අප්සරා, සචිනි නිසංසලා, ෂිකාරි නුවන්තා.

ගාල්ල කණඩායම – නිලක්ෂි සිල්වා (නායිකාව), අනුෂ්කා සංජීවනී (කඩුලු රකින්නිය), යසෝධා මෙන්ඩිස්, උදේශිකා ප්‍රබෝධනී, ඉනෝකා රණවීර, මල්ෂා ෂෙහානි, එම්.මෙත්තානන්ද, හර්ෂනී විජේරත්න, ක්‍රිෂාන්ති සඳමාලි, සකුන්තලා ද සිල්වා, සුලීෂා සත්සරණි, සකුණි විජේසිංහ, තිලානි නිවර්තනා, ඉමේෂා දුලානි, තල්ෂියා චතුරංගි.

දඹුල්ල කණඩායම – චමරි අතපත්තු (නායිකාව), ප්‍රසාදිනි වීරක්කොඩි (කඩුලු රකින්නිය), හංසිමා කරුණාරත්න, ශෂිකලා සිරිවර්ධන, සුගන්ධිකා කුමාරි, ශෂිකලා සිල්වා, සදනි සිල්වා, නිලුකා කුෂාන්ති, ඉරෙෂා ශ්‍යාමලී, පියුම් වත්සලා, ඉරේෂා දමයන්ති, සමාධි මල්ෂා, නයෝමි සාගරිකා, දෙව්මි විහංගා, කෞෂි නුත්‍යංගනා

තරග කාල සටහන

24 දා: දඹුල්ල – කොළඹ (පෙ.ව.9.30), මහනුවර – ගාල්ල (ප.ව. 2.00)

25 දා: දඹුල්ල – මහනුවර (පෙ.ව.9.30), කොළඹ – ගාල්ල (ප.ව. 2.00)

27 දා: දඹුල්ල – ගාල්ල (පෙ.ව.9.30), කොළඹ – මහනුවර (ප.ව. 2.00)

29 දා: අවසන් මහ තරගය (පෙ.ව 9.30)

(සියලු තරග එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.)

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.