SAG2019-දකුණු ආසියානු ක්‍රීඩා උළෙල නියෝජනයට ජුඩෝ 16ක කණ්ඩායමක්

ලබන මස නේපාලයේදී පැවැත්වෙන 13 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේදී ජූඩෝ ඉසව්ව නියෝජනය කිරීමට 18 දෙනකුගෙන් යුත් සංචිතයක් නම් කිරීමට ශ්‍රී ලංකා ජූඩෝ සංගමය කටයුතු යොදා තිබේ.

මේ සඳහා ක්‍රීඩකයන් 9 දෙනකු සහ ක්‍රීඩිකාවන් 9 දෙනකු ඇතුළත්ව සිටිති.

අවසන් වරට ඉන්දියාවේ පැවැති 12 වැනි සාග් ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාව රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කම් 6ක් දිනා ගැනීමට සමත් විය. ක්‍රීඩක ක්‍රීඩිකාවන් 12 දෙනකු එක්වූ එහිදී චාමර නුවන් ධර්මවර්ධන කිලෝග්‍රෑම් 73ට අඩු බර පන්තියේ රිදී පදක්කම දිනාගත් අතර ඔහු මෙවර සංචිතයටද ඇතුළත්ව සිටිති.

මෙවර සංචිතයට එක්වන සිටින දිල්රුක්ෂි ජයවර්ධන පසුගියවර කිලෝග්‍රෑම් 78 බර පන්තියේ ලෝකඩ පදක්කම දිනා ගත්තාය. මෙවර ක්‍රීඩා උළෙලේ ජූඩෝ තරග ලබන මස 7 වැනිදා සිට 10 වැනිදා දක්වා දින 4ක් කත්මණ්ඩු හී ලගන්කෙල් හමුදා ශාරීරික යෝග්‍යතා මධ්‍යස්ථානයේදී පැවැත්වේ.

ශ්‍රී ලංකා පිරිමි සංචිතය – ඕ.එම්.ඉෆ්රාන් (කි.ග්‍රෑම් 100ට වැඩි), එච්.එම්.එස්.සී.කුමාර (කි.ග්‍රෑම් 66), ආර්.සී.එන්.ධර්මවර්ධන (කි.ග්‍රෑම් 73), එන්.ජී.ආර්.පුෂ්පකුමාර (කි.ග්‍රෑම් 81), එස්.ඒ.එන්.අයි.බණ්ඩාර (කි.ග්‍රෑම් 90), ඩබ්.ඒ.ඩබ්.පී.ප්‍රේමරත්න (කි.ග්‍රෑම් 160), කේ.ජී.සී.කේ.අබේසිංහ (කි.ග්‍රෑම් 100), ටී.ජී.ආර්.මධුෂංක (කණ්ඩායම් ඉසව්ව), බී.ඒ.ජී.ගුණදාස (කණ්ඩායම් ඉසව්ව)

කාන්තා සංචිතය – ඩබ්.එල්.ඒ.එච්. ඉමේෂා (කි.ග්‍රෑම් 78ට වැඩි), එම්.පී.සී.දිලානි (කි.ග්‍රෑම් 48), එච්.ජී.එස්.එල්.එම්.හතුරුසිංහ (කි.ග්‍රෑම් 52), කේ.එම්.පී.කේ.ලියනගේ (කි.ග්‍රෑම් 57), ආර්.එච්.යමීනා (කි.ග්‍රෑම් 63), කේ.එස්.ඩී.කුමාරසිංහ (කි.ග්‍රෑම් 70), ඩබ්.ජී.එල්.ඩී. ජයවර්ධන (කි.ග්‍රෑම් 78), ජේ.එම්.ඩී.ප්‍රියදර්ශනී (කණ්ඩායම් ඉසව්ව), එම්.ඩී.එම්.මධුවන්ති (කණ්ඩායම් ඉසව්ව)

නිලධාරීන් – කේ.ආර්.පී.කේ.ලීමගස්තැන්න (කළමනාකරු), යූ.ආර්.කේ.බස්නායක (සහාය කළමනාකරු), එන්.ජී.එම්.ඩී.පියරත්න (භෞත චිකිත්සක), ආර්.එම්.අමල් රත්නායක (පිරිමි කණ්ඩායම් පුහුණුකරු), කේ.එල්.සී.කේ.ලීමගස්තැන්න (කාන්තා කණ්ඩායම් පුහුණුකරු), එස්.ඒ.එම්.සූරියආරච්චි (කණ්ඩායම් තීරක)

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.