නේපාලයේ කත්මන්ඩු නුවරදී පැවැත්වෙන 13 වැනි දකුණු ආසියානු ක්රීඩා උළෙලේදී මල්ලවපොර ඉසව්ව නියෝජනය කරමින් ශ්රී ලංකාවෙන් 14ක කණ්ඩායමක් සහභාගී වෙයි.
ක්රීඩකයන් 7ක් ඇතුළත් පිරිමි සංචිතයේ නායකයා ලෙස කිලෝග්රෑම් 65 බර පන්තියෙන් තරග වදින චාමර මලින්ද පෙරේර කටයුතු කරන අතර අවසන් වරට පැවැති සාග් ක්රීඩා උළෙලේදී රිදී පදක්කමක් දිනාගත් දීපිකා දිල්හානි කුමාරි ක්රීඩිකාවන් 7කගෙන් සමන්විත කාන්තා කණ්ඩායමේ නායිකාව ලෙස කටයුතු කරයි. ඇය මෙවර කිලෝග්රෑම් 65 බර පන්තියෙන් තරග බිමට පිවිසෙන්නීය. චාමර නුවන් අවසන් සාග් ක්රීඩා උළෙලේදී ලෝකඩ පදක්කමක් දිනාගත් ක්රීඩකයෙකි.
අවසන් වරට ඉන්දියාවේ පැවැති 12 වැනි දකුණු ක්රීඩා උළෙලේදී ශ්රී ලංකා මල්ලවපොර ක්රීඩක ක්රීඩිකාවෝ රිදී පදක්කම් 5ක් සහ ලෝකඩ පදක්කම් 7ක් සමගින් මල්ලවපොර ඉසව්වේ තෙවැනි ස්ථානය අත්කර ගත්හ. රන් පදක්කම් 16ක් සඳහා පැවැති මේ ඉසව්වෙන් රන් පදක්කම් 14ක් ඉන්දියාවට හිමිවූ අතර පාකිස්තානය රන් දෙකකට හිමිකම් කීය.
එහිදී වැඩි දස්කම් පෙන්වූ ශ්රී ලංකා ක්රීඩිකාවෝ රිදී පදක්කම පහටම හිමිකම් කී අතර ලෝකඩ පදක්කම් 3ක්ද හිමිකර ගත්හ. පිරිමි කණ්ඩායමට ලෝකඩ පදක්කම් 4ක් හිමිවිය. එම කණ්ඩායමට එක්වූ ශ්රියන්තිකා නිරෝෂනී, එම්.ප්රියංගා කුමාරි, කුමුදිකා රවිහාරි වීරසිංහ, මධුවන්ති රූපසිංහද මෙවර කණ්ඩායමට එක්ව සිටිති.
මෙවර ක්රීඩා උළෙලේ මල්ලවපොර තරග දෙසැම්බර් මස 6 වැනිදා සිට 9 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතය.
ශ්රී ලංකා මල්ලවපොර පිරිමි සංචිතය – චාමර මලින්ද පෙරේරා – නායක (කි.ග්රෑම් 65 බර පන්තිය), ගයාන් චතුරංග (කි.ග්රෑම් 57), උදාර මධුරංග ප්රනාන්දු (කි.ග්රෑම් 61), අනිල් නිරෝෂන් මුණසිංහ (කි.ග්රෑම් 70), මධුෂාන් ලක්මාල් විජේසූරිය (කි.ග්රෑම් 74), සුරේෂ් චානක ප්රනාන්දු (කි.ග්රෑම් 79), ශාලික නිෂාන් වලපිට (කි.ග්රෑම් 92)
කාන්තා සංචිතය – දීපිකා දිල්හානි කුමාරි – නායිකාව (කි.ග්රෑම් 65 බර පන්තිය), ශ්රියන්තිකා නිරෝෂනී (කි.ග්රෑම් 50), ශාමිකා මධුශානි (කි.ග්රෑම් 53), එම්.ප්රියංගා කුමාරි (කි.ග්රෑම් 62), මාලා මධුවන්ති රූපසිංහ (කි.ග්රෑම් 68), අයෝමි සෙනෙවිරත්න (කි.ග්රෑම් 72), කුමුදිකා රවිහාරි වීරසිංහ (කි.ග්රෑම් 76)
නිලධාරීන් – කේ.බී.රංජිත් දයානන්ද (කළමනාකරු), එන්.කේ.ජගත් පියරත්න (පුහුණුකරු), වයි.ආර්.චන්දිමාල් ප්රනාන්දු (පුහුණුකරු), එස්.ඒ.ප්රියන්ත ජයනාත් සමරක්කොඩි (පුහුණුකරු)
Be the first to comment