
දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් තරග ඉසව්ව වෙනුවෙන් පැවැත්වෙන තරගාවලිය අද ( 02 ) සත්කාරන නේපාල් කාන්තා කණ්ඩායම සහ මාලදිවයින කාන්තා කණ්ඩායම අතර තරගයෙන් ආරම්භ වීමට නියමිතය.
ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහභාගී වන පළමු තරගය හෙට ( 03 ) බංග්ලාදේශ කණ්ඩායම සමගින් පැවැත්වීමට නියමිත අතර ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායම සහ නේපාල් කණ්ඩායම අතර තරගයද හෙට දිනයේදී පැවැත්වීමට නියමිතය.
පිරිමි කණ්ඩායමේ නායකත්වය නැගී එන කණ්ඩායම මෙහෙයවනු ලබන චරිත් අසලංකට හිමිව ඇති අතර, කාන්තා කණ්ඩායම් නායකත්වය යොවුන් ක්‍රීඩිකා හර්ෂිතා මාධවි වෙත ලබා දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කළේය.
චරිත් අසලංක ශ්‍රී ලංකා කණ්ඩායමට නායකත්වය සපයද්දී, කණ්ඩායමේ උප නායකත්වය තුන් ඉරියව් ක්‍රීඩක කමිදු මෙන්ඩිස් වෙත හිමිව තිබේ. කවීෂා දිල්ෂාරි විසින් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට උප නායිකාව ලෙස කටයුතු කරනු ලැබේ.
දකුණු ආසියානු තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා පිරිම් කණ්ඩායම
චරිත් අසලංක (නායක), කමිඳු මෙන්ඩිස් (උප නායක), පැතුම් නිස්සංක, හසිත බෝයගොඩ, විශ්ව චතුරංග, අෂේන් බණ්ඩාර, ශම්මු අශාන්, නිශාන් මදුශ්ක, ජෙහාන් ඩැනියල්, අසිත ප්‍රනාන්දු, කලන පෙරේරා, නිශාන් පීරිස්, දුවිඳු තිලකරත්න, සචිඳු කොළඹගේ, කනිෂ්ක අංජුල.
දකුණු ආසියානු තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම
හර්ෂිතා මාදවී (නායිකා), කවීශා දිල්හාරි (උප නායිකා), සත්‍යා සංදීපනී, උමාෂා තිමේශිනී, තාරිකා සෙව්වන්දි, ලිහිණි අප්සරා, ජිමන්ජලී විජේනායක, සචිනි නිසංසලා, නිලක්ෂනා සඳමිනී, ශයන ඕෂධී, මල්ෂා රණතුංග, තාරුකා ෂෙහානි, ශිකාරා නුවන්තා, සචිනි ද සිල්වා, ජනදි අනාලි
තරග කාල සටහන
දෙසැ 02 – නේපාලය සහ මාලදිවයින ( කාන්තා )
දෙසැ 03 – නේපාලය සහ ශ්‍රී ලංකාව ( පිරිමි )
දෙසැ 03 – ශ්‍රීලංකාව සහ බංග්ලාදේශය ( කාන්තා )
දෙසැ 04 – බංග්ලාදේශය සහ මාලදිවයින ( පිරිමි )
දෙසැ 04 – ශ්‍රී ලංකාව සහ භූතානය ( පිරිමි )
දෙසැ 04 – බංග්ලාදේශය සහ නේපාලය ( කාන්තා)
දෙසැ 04 – ශ්‍රී ලංකාව සහ මාලදිවයින ( කාන්තා )
දෙසැ 05 – භූතානය සහ නේපාලය ( පිරිමි )
දෙසැ 05 – බංග්ලාදේශය සහ මාලදිවයින ( කාන්තා )
දෙසැ 05 – ශ්‍රී ලංකාව සහ මාලදිවයින ( පිරිමි )
දෙසැ 06 – භූතානය සහ බංග්ලාදේශය ( පිරිමි )
දෙසැ 06 – නේපාලය සහ ශ්‍රී ලංකාව ( කාන්තා )
දෙසැ 06 – මාලදිවයින සහ නේපාලය ( පිරිමි )
දෙසැ 07 – නේපාලය සහ බංග්ලාදේශය ( පිරිමි )
දෙසැ 07 – තෙවැනි ස්ථාන වෙනුවෙන් පැවැත්වෙන කාන්තා තරගය
දෙසැ 08 – ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය ( පිරිමි )
දෙසැ 08 – අවසන් මහ තරගය ( කාන්තා )
දෙසැ 08 – මාලදිවයින සහ භූතානය ( පිරිමි )
දෙසැ 09 – තෙවැනි ස්ථානය වෙනුවෙන් පැවැත්වෙන පිරිමි තරගය
දෙසැ 09 – අවසන් මහ තරගය ( පිරිමි )
Be the first to comment