SAG 2019-13 වන දකුණු ආසියා ක‍්‍රීඩා උළෙල ඇරඹේ .

13 වන දකුණු ආසියා ක‍්‍රීඩා උළෙල ඇති උත්කර්ශවත් අන්දමින් නේපාලයේ කත්මන්ඩු නුවර දසරත් ක‍්‍රීඩාංගනයේදී එරට ජනාධිපතිනී බිධ්‍යා දේවි භණ්ඩාරි මහත්මියගේ ප්‍රධානත්වයෙන්ඊයේ (1)ආරම්භවිය.

ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා ලෙස සමාරම්භක උළෙලේදී ශ්‍රී ලංකා ධජය ගෙන යෑමේ අවස්ථාව පිහිනුම් ක්‍රීඩක මැතිව් අබේසිංහට හිමිව තිබූ අතර සමාරම්භ උළෙල ආරම්භ වනවිටත් පිහිනුම් කණ්ඩායමට නේපාලයට ළඟා වීමට නොහැකි වීමෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායිකාව ලෙස ඉදිරියෙන්ම ගමන් ගත්තේ හෙල්ල විසිකිරීමේ ජාතික ශූරි නදීකා ලක්මාලිය.

මේ ක්‍රීඩා උළෙලේ කාන්තා පාපන්දු සහ ක්‍රිකට් සමගින් දුනුවිදීම, බැඩ්මින්ටන්, හෑන්ඩ්බෝල්, තුන් ප්‍රයාම, බීච් වොලිබෝල් හා බර ඉසිලීමේ තරග ෆොකාර නගරයේදී පැවැත්වෙන අතර මල්ලවපොර ඉසව්ව ජානක්පූර් හිදී පැවැත්වීමට නියමිතය. ඉසව් 29ක් යටතේ පැවැත්වෙන ක්‍රීඩා උළෙලේ අනෙකුත් සියලු ඉසව් කත්මණ්ඩු නුවරදී පැවැත්වෙනු ඇත.

ශ‍්‍රී ලංකාව නියෝජනය කරන කණ්ඩායමට 567 දෙනෙකු ඇතුලත්. ඉසව් තිහක් වෙනුවෙන් තරගාවලියේදී පිරිනැමෙන මුළු පදක්කම් සංඛ්‍යාව 1115 ක්. රන් පදක්කම් 317 ක් , රිදී පදක්කම් 317 ක් සහ ලෝකඩ පදක්කම් 481 ක් ද ඊට ඇතුලත්.

ශ‍්‍රි ලංකාව, ඉන්දියාව, පාකිස්ථානය, මාලදිවයින , බංගලිදේශය සහ භූතානය ඇතුලු රටවල් නියෝජනය කරමින් ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් , පුහුණුකරුවන්, මාධ්‍යවේදීන් ඇතුලු පන්දහසක පමණ පිරිසක් මෙවර තරගාවලියට සහභාගී වෙති.

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.