ශ්‍රී ලංකාවේ කාන්තා සහ පිරිමි වොලිබෝල් කණ්ඩායම්වල විදෙස් පුහුණුකරුවන් පිළිබඳ තීරණයක් ගැනීමට සිදුවන බව ක්‍රීඩා අධ්යක්ෂ ජෙනරාල් ධම්මික මුතුගල පවසයි.
ශ්‍රී ලංකාවට යෑමෙන් පසුව ඒ සඳහා අවශ්‍ය කටයුතු සිදුකරන බවත් එම කණ්ඩායම් කෙරෙහි මීට වඩා සැළකිල්ලක් දැක්විය යුතු බවත් හෙතෙම පැවසිය .
13 වැනි සාග් ක්‍රීඩා උළෙලේ රිදී පදක්කම් දිනාගත් ශ්‍රී ලංකා වොලිබෝල් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මෙවර එම පදක්කම රැක ගැනීමේ අවස්ථාව අහිමිවීමෙන් අනතුරුව ක්‍රීඩා අධ්යක්ෂ ජෙනරාල්වරයා මේ බව මාධ්‍යට ප්‍රකාශ කළේය.
ශ්‍රී ලාංකික පිරිමි කණ්ඩායමේ පුහුණුකරු ලෙස කියුබානු මැනුවෙල් තෝර්ස් කටයුතු කරන අතර ඔහුට සහාය වනුයේ සමන් චන්ද්‍රසේකර විසිනි. කාන්තා කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කරනු ලබන්නේ කියුබානු රොබර්ටෝ සැපෙරෝ විසිනි.
සාග් ක්‍රීඩා ඉසව් ආරම්භ කරමින් රටවල් 6ක සහභාගිත්වයෙන් පැවැති වොලිබෝල් ඉසව්වේ පළමු අවසන් පූර්ව තරගයේදී ඉන්දියාව හමුවේ ප්‍රබල සටනකින් අනතුරුව ශ්‍රී ලංකා කණ්ඩායම 3-1කින් පරාජයට පත්වූ අතර තරගාවලියේ මූලික වටයේදී මාලදිවයින 3-0කින් පරාජයට පත්කළ ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ පාකිස්තානය හමුවේ 3-1කින් පරාජයට පත්විය.
කාන්තා අවසන් පූර්ව තරගයේදී සත්කාරක නේපාල කණ්ඩායම හමුවේ වට 3-0ක පරාජයක් විද ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට සිදුවිය. කෙසේ වෙතත් තරගාවලියේ මූලික වටයේදී මාලදිවයින් කණ්ඩායම ශ්‍රී ලංකාව හමුවේ වට 3-0කින් පරාජයට පත්ව තිබිණි.
Be the first to comment