13 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ කාන්තා ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවති තරගය කඩුලු 7 කින් ජය ගැනීමට බංග්ලාදේශ කාන්තා කණ්ඩායම අද ( 03 ) සමත් විය.
ජයග්‍රහණය සඳහා ලකුණු 123ක ඉලක්කය හඹාගිය බංග්ලාදේශ කාන්තා කණ්ඩායම පන්දුවාර 18.3 කදී කඩුලු 3ක් පමණක් දැවී සිය ඉලක්කය පසුකර ගියේය.
බංග්ලාදේශය වෙනුවෙන් විශිෂ්ට ඉනිමක් ක්‍රීඩාකළ සංජිදා ඉස්ලාම් පන්දු 45කදී හතරේ පහර 8ක් සමගින් නොදැවී ලකුණු 51ක් රැස් කිරීමට සමත් වූයේ බංග්ලාදේශ කණ්ඩායම ජයග්‍රහණය වෙත රැගෙන යමිනි. ඇයට අනගි සහයක් ලබාදුන් ෆර්ගනා හක් පන්දු 18කදී හයේ පහරක් සහ හතරේ පහරක් සමගින් නොදැවි ලකුණු 23ක් රැස් කිරීමට සමත් වූවාය.
කාසියේ වාසියේ දිනූ බංග්ලාදේශය පළමුව පන්දුවට පහර දීමට ශ්‍රී ලංකාවට ආරාධනා කරසිටි අතර ඒ අනුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 122ක් රැස් කිරිමට සමත් විය.
ශ්‍රී ලංකාව වෙනුවෙන් උමේෂා තිමාෂිනි පන්දු 49කදී හයේ පහර 4ක් සහ හතරේ පහර 5ක් සමගින් ලකුණු 56ක් රැස් කිරීමට සමත් වූවාය. ඇය සමගින් එක් වූ නායිකා හර්ෂිතා මාධවි පන්දු 30කදී හයේ පහරක් සහ හතරේ පහර 2ක් සමගින් ලකුණු 33ක් රැස් කිරීමට සමත් වූවාය.
පන්දු යැවීමේදී නිෂීඩා අක්ටාර් ලකුණු 32කට කඩුලු 4ක් බිදු හෙලුවාය.
Be the first to comment