වසරේ ක්‍රීඩිකා චමරී අතපත්තුට සම්මාන 4ක්; දක්ෂතම ටෙස්ට් පිතිකරු දිමුත්

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් දක්වන දක්ෂතා අතරට භාර කර තිබිණි. වසරේ නැගී එන ක්‍රීඩකයාට හිමි සම්මානය පැතුම් නිශ්ශංකට පිරිනැමුණු අතර වසරේ දක්ෂතම ටෙස්ට් පිතිකරු ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් නායක දිමුත් කරුණාරත්න නම් කෙරුණි. මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය වෙනුවෙන් ජීවිතයට එක් වරක් පමණක් පිදෙන ඇගැයීම් සම්මාන ද්විත්වය ඩේලි මිරර් පුවත්පතේ ෂාමිල් අමීත්  හා ගුවන් විදුලි විස්තර ප්‍රකාශක කමල් දේශප්‍රිය  පිරිනැමුණි. මෙම ගාම්භීර සම්මාන ප්‍රදානෝත්සවය ඊයේ වෝටර්ස් එජ් හෝටලයේදී වර්ණවත් ලෙස පැවැත්වීමට කටයුතු යෙදුනි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කළ මෙවර ක්‍රිකට් සම්මාන ප්‍රදානෝත්සවයේ සමස්ත සම්මාන 45 ක් ප්‍රදානය කෙරුණි. ජාත්‍යන්තර සහ දේශීය තරග පිටිය නියෝජනය කරන ලද ක්‍රීඩක ක්‍රීඩිකාවන් 33ක් සම්මාන ලබද්දී තවත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 17කට ජාත්‍යන්තර තරග අංශය යටතේ සම්මාන පිරිනැමුණි. ඊට අමතරව විශේෂිත සම්මාන ත්‍රිත්වයක් ද ඇතුළුව කණ්ඩායම් සම්මාන 10 ක් මෙම සම්මාන ප්‍රදානෝත්සවයේ දී පිරිනැමුණි.

කලින් වසරවලදී මෙන්ම මෙරත් දක්ෂතම ජාත්‍යන්තර විනිසුරු හා දේශීය විනිසුරු, වසරේ තරග තීරක තෝරාගත් අතර පිළිවෙලින් කුමාර ධර්මසේන, ලින්ඩල් හැනිබල් හා මනෝජ් මෙන්ඩිස් එම සම්මාන දිනා ගත්හ. මෙම සම්මාන ප්‍රදානෝත්සවයට ක්‍රීඩා අමාත්‍යාංශය ලේකම් කේ. ඩී.එස්. රුවන්චන්දු, මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය, ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ෂම්මි සිල්වා හා ලේකම් මොහාන් ද සිල්වා යන මහත්වරු අතුලු විශාල පිරිසක් එක්ව සිටියහ.

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.