දකුණු ආසියාවේ වේගවත්ම මිනිසා ලෙස අභිෂේක ලැබූ මාලදිවයිනේ සායිද් හසාන් එරට ක්රීඩා ඉතිහාසයට නව පිටුවක් එක් කළේය.
ඒ මෙවර දකුණු ආසියානු ක්රීඩා උළෙලේ මීටර් 100 පිරිමි ධාවන ඉසව්වේ රන් පදක්කමට හිමිකම් කියමින් දකුණු ආසියානු ක්රීඩා උළෙල ඉතිහාසයේ මාලදිවයින ලබාගත් ප්රථම රන් පදක්කම ලෙස සටහන් කරමිනි.
වසර 35 ක දකුණු ආසියානු ක්රීඩා ඉතිහාසයේදී මාලදිවයින දිනු පළමු රන් පදක්කම එයයි.
මීටර් 100 ය පිරිමි ධාවන ඉසව්ව ජය ගත්තේ, තත්පර 10.49 ක කාලයක් සටහන් කරමිනි .
සායිද් හසාන් විසින් සිදු කරනු ලැබූ මෙම දක්ෂතාවය ශ්රී ලංකාවේ එම ඉසව්වේ රන් බලාපොරොත්තුව වූ හිමාෂ ඒෂාන්ට මෙවර රිදී පදක්කමෙන් සෑහීමට පත්වීමට සිදු විණි.
පසුගිය දකුණු ආසියානු ක්රීඩා තරගාවලියේදී හිමාෂ රන් පරක්කමට හිමිකම් කිවේ සායිද් හසාන් පරාජයට පත්කරමින් වීම විශේෂත්වයක්.
Be the first to comment