SAG 2019 – මාලදිවයිනට එරෙහිව ශ්‍රී ලංකා කාන්තා පිලට ලකුණු 249ක ජයක් – හර්ෂිතාගෙන් සහ සංදීපනීගෙන් ඉහළම දක්ෂතා

photo credit Ram Gurung

13 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකාව සහ මාලදිවයින අතර පැවති කාන්තා ක්‍රිකට් තරගයෙන් ලකුණු 249ක විශිෂ්ට ජයක් ලැබීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අද  ( 04 ) සමත් විය.

කාසියේ වාසිය දිනූ මාලදිවයින පළමුව පන්දුවට පහර දීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කරසිටි අතර ඒ අනුව නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 2ක් පමණක් දැවී ශ්‍රී ලංකා කාන්තාවෝ ලකුණු 274 ක් රැස් කිරීමට සමත් වූහ. එය  විස්සයි 20 පිටියේ කාන්තා කණ්ඩායමක් රැස්කළ තෙවැනි වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙස ඉතිහාසයට එක් විය. මීට පෙර මෙම වසරේම උගන්ඩා කාන්තා ක්‍රිකට් කණ්ඩායම විසින් මාලි කාන්තා ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව කඩුලු 2ක් දැවී ලකුණු 314ක් රැස් කිරීමට සමත්ව තිබේ. ටන්සානියා කාන්තා ක්‍රිකට් කන්ඩායමද මාලි කාන්තා ක්‍රිකට් කන්ඩායමට එරෙහිව මෙම වසරේම ලකුණු 285ක් රැස් කිරීමට සමත්ව ඇත්තේ කාන්තා විස්සයි 20 පිටියේ දෙවැනි වැඩිම ලකුණු සංඛ්‍යාව රැස් කරමිනි.

ශ්‍රී ලංකාව වෙනුවෙන් විශිෂ්ට ඉනිමක් ක්‍රීඩාකළ නායිකා හර්ෂිතා මාධවි පන්දු 47කදී හයේ පහර 3ක් සහ හතරේ පහර 15ක් සමගින් නොදැවී ලකුණු 106ක් රැස් කරද්දී, ඇයගේ අනිත් අන්තයේ රැදී සිටි සත්‍යා සන්දීපනී හර්ෂාතාට නොදැවිනි ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 48කදී හයේ පහර 3ක් සහ හතරේ පහර 11ක් සමගින් නොදැවී ලකුණු 96ක් රැස් කිරීමට සමත් වූවාය.

ජයග්‍රහණය සඳහා ලකුණු 275ක ඉලක්කය හඹාගිය මාලදිවයින කාන්තා කණ්ඩායම පන්දුවාර 14.5කදී සියලු දෙනා දැවී රැස්කර ගතහැකි වූයේ ලකුණු 30ක් පමණි.

මාලදිවයින් කණ්ඩායමේ එකදු පිතිකාරිනියකටවත් ලකුණු 10 සීමාව පසුකර යාමට සත්‍යා සන්දීපනි ප්‍රමුඛ ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ අවස්ථාව ලබා නොදුන්හ. තුන් ඉරියව්වෙන්ම දක්ෂතා දැක්වූ සත්‍යා සන්දීපනී ලකුණු 13කට කඩුලු 2ක් ද බිද හෙලද්දී, ජනාදි අනාලි ලකුණු 2කට කඩුලු 3ක් බිද හෙලුවාය.

Highest totals
Team Score Overs RR Inns Opposition Ground Match Date Scorecard
Uganda Women 314/2 20.0 15.70 1 v Mali Women Rwanda 20 Jun 2019 WT20I # 671
Tanzania Wmn 285/1 20.0 14.25 1 v Mali Women Rwanda 22 Jun 2019 WT20I # 676
SL Women 279/2 20.0 13.95 1 v Mdv Women Pokhara 4 Dec 2019 WT20I

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.